මුද්‍රණය සඳහා

 
වෙන්නප්පුවේ ගෙමිදුලක මෝටාර් බෝම්බයක්

වෙන්නප්පුවේ ගෙමිදුලක මෝටාර් බෝම්බයක්

පුපුරා නොගිය මෝටාර් බෝම්බයක් වෙන්නප්පුව ජයමාවතේ වත්තක ළඳු පඳුරු අස්සේ සඟවා තිබියදී වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව පොලිසියට කිලෝමීටරයක් පමණ දුරැති ස්ථානයක තිබියදී අද (06) උදේ සොයාගත් මේ මෝටාර් බෝම්බය දිගින් අඟල් 10ක් පමණවේ.

ඉතා තදට මලකඩ බැඳී තිබූ මේ බෝම්බය එම වත්තේ ලඳු පඳුරු අස්සේ තිබෙනු මුලින්ම දැක ඇත්තේ හරකෙක් බැඳීමට එම වත්තට ගිය අයෙකු විසිනි. ඔහු විසින් වහාම මේ බව වෙන්නප්පුව පොලිසියට දන්වන ලදුව පොලිසිය පැමිණ එය තම භාරයට ගෙන ඇත. මෙය කවුරුන් කවදා මේ ස්ථානයට ගෙනැවිත් දමන ලද්දේදැයි පොලිසියට අභිරහසක්වී ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට වෙන්නප්පුව පොලිිසිය පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]