මුද්‍රණය සඳහා

 
එරාවුර් වෙළෙඳ සලක හදිසි පිපිරීමක්

එරාවුර් වෙළෙඳ සලක හදිසි පිපිරීමක්

මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ තොග වෙළෙඳ සලක සිදුවූ පිපිරීමකින් එම වෙළෙඳසැලේ සේවකයන් තිදෙනකු තුවාල ලබා ඇත. ඊයේ (06) පෙරවරුවේ මේ පිපිරීම සිදුවී ඇත. තුවාල ලැබූ අය මඩකළපුව රෝහලට යවා ඇති බව එරාවුර් පොලිසිය කියයි.

මේ පිපිරීමට හේතුව එම වෙළෙඳසලේ තිබූ රතිඤ්ඤා පත්තුවීම යැයි පොලිසිය සැක කරයි. මේ පිපිරීම නිසා එරාවුර් නගර ප්‍රදේශයේ ජනතාව කලබලයට පත්වී ඇත. එම වෙළෙඳසලේ බඩු භාණ්ඩ වලටද අලාභ හානි සිදුවී තිබේ. එරාවුර් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]