මුද්‍රණය සඳහා

 
කොට්ටල්බැද්ද කනිටු විදුහලේ වැටේ තුවක්කුවක් අටවලා

කොට්ටල්බැද්ද කනිටු විදුහලේ වැටේ තුවක්කුවක් අටවලා

සතකු මරා ගැනීමට කිසියම් පුද්ගලයකු විසින් ලුණුගල කොට්ටල්බැද්ද කණිටු විදුහලේ වැටේ අටවා තිබූ බෙහෙත් කෙටූ තුවක්කුවක් පෙරේදා (5) ලුණුගල පොලිසිය මඟින් සොයාගෙන තිබේ. ඒ අසල සෙල්ලම් කළ ළමයින් ඉන් බේරී ඇත්තේ අනූනවයෙන් බව පොලිසිය පවසයි.

පාසල් වත්ත වටා ඇති වැටේ තුවක්කුව බැඳ තිබෙන බව දුටු සෙල්ලම් කරමින් සිටි ළමයින් ඒ පිළිබඳ පාසලේ විදුහල්පති පී. එච්. සරත් කුමාර මහතාට දැනුම් දී ඇත. ඔහු විසින් කළ දැනුම්දීමක් මත පොලිසිය බඳින තුවක්කුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි ලුණුගල පොලිසිය සඳහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]