මුද්‍රණය සඳහා

 
හෝටල්-තේ කඩ බේකරි පරීක්‍ෂාවට

හෝටල්-තේ කඩ බේකරි පරීක්‍ෂාවට

රට පුරා සියලු හෝටල්, තේ කඩ හා බේකරි ඇතුළු ආහාර පරිහරන ආයතන පරීක්ෂාවට ලක්කර ඒවා වර්ගීකරණය කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරයි. මේ ආයතනවල සෞඛ්‍යාරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන අනුපිළිවෙළින් ඒ,බී,සී හා ඩී, වශයෙන් වර්ගීකරණය කිරීමට මේ අනුව පියවර ගැනේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ මස 28,29 හා 30 දිනවල මේ වැඩපිළිවෙළ රටපුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි ප්‍රධාන ආහාර බලධරයා ලෙස ක්‍රියා කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පෙරේදා (3) චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. බොහෝ ආහාර සැකසුම් ආයතන පිළිබඳ ජනතාවගෙන් ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

මේ වැඩපිළිවෙළ මඟින් රට පුරා ආහාර පරිහරණ ආයතනවල සෞඛ්‍යානුකූල තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. නිවෙස්වලින් බැහැරව ආහාර ගැනීමට සිදුවන අවස්ථාවල දී සුරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය සුරැකීම හා ඊට අවස්ථාව සලසාදීම මේ වැඩපිළිවෙළෙහි අරමුණ වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]