වයෝවෘද්ධ කලාකරුවන්ට උපකාර කිරීමට ලේක්හවුසියෙන් අරමුදලක්

වයෝවෘද්ධ කලාකරුවන්ට උපකාර කිරීමට ලේක්හවුසියෙන් අරමුදලක්

වයෝවෘද්ධ කලාකරුවන්ට උපකාර කිරීම සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනය අරමුදලක් පිහිටුවීමට තීරණය කර ඇති බව සභාපති බන්දුල පද්මකුමාර මහතා පවසයි. සරසවිය පුවත්පත හා සිළුමිණ පුවත්පතේ “රසඳුන” අතිරේකයේ සහයෝගය ද ලබාගනිමින්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ (ලේක්හවුස් මුදල්) මුදල්වලින් මූලික අරමුදලක් වෙන්කොට මේ අරමුදල පිහිටුවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

උපකාර කළ යුතු මට්ටමේ වයෝවෘද්ධ කලාකරුවන් රැසක් සිටින අතර, එවැනි අය වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටුකිරීමට හැකි වේ නම් එය වඩාත් යහපත් කටයුත්තක් වන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මේ අරමුදලට දායක වීමට කැමති සියලු දෙනාට මේ සමඟ ඒකාබද්ධ විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ සිළුමිණ පුවත්පතේ “රසඳුන” අතිරේකයට වසර පහළොවක් සපිරීම නිමිත්තෙන් පෙරේදා (03) ලේක්හවුස් ආයතනයේදී පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා