ජය සිරි මහ බෝ අංකුරයක් ඕස්ට්‍රේලියාවට වැඩමවති

ජය සිරි මහ බෝ අංකුරයක් ඕස්ට්‍රේලියාවට වැඩමවති

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් ඕස්ට්‍රේලියාවට වැඩම කෙරේ. ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි ධම්මසක් භික්ෂුණී සේනාසනයේ රෝපණය කිරීමට බෝධීන් වහන්සේගේ අංකුරය ඊයේ (04) පෙරවරුවේ අනුරාධපුර උඩමළුවේදී අටමස්ථානාධිපති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී පිරිනැමුණි.

බෝධීන් වහන්සේ අද (05) ගුවන් මඟින් ඕස්ට්‍රේලියාව දක්වා වැඩම කරවීමට නියමිතය. ඕස්ට්‍රේලියා බටහිර ධම්මසේනා භික්ෂුණී සේනාසනයේ කරුණානිකා භික්ෂූණීන් වහන්සේ, නිරෝධා භික්ෂුණීන් වහන්සේ, තායිලන්තයේ කස්පඥ භික්ෂුණීන් වහන්සේද මේ අවස්ථාවට සහභාගි වූහ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ ආශිර්වාද පිරිත් දේශනා මැද බෝධි අංකුරය පිරිනමන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා