දිනකට මිලියන 35ක විදුලිය නාස්තියක්

දිනකට මිලියන 35ක විදුලිය නාස්තියක්

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වෙළෙඳ අංශයේ දිනකට විදුලි නාස්තිය රුපියල් මිලියන 20ක් හා ගෘහස්ථ අංශයේ විදුලි නාස්තිය රුපියල් මිලියන 15ක් බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය කියයි. මේ විදුලි නාස්තිය අවම කර ගැනිමට ප්‍රතිදීප්ත බල්බ භාවිතය හා රාත්‍රි කාලයේ සවස 6.00 සිට 9.30 දක්වා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිදීප්ත බල්බ (CFL) භාවිතය සියයට 80කින් වැඩී ඇති නිසා පසුගිය වසර දෙකේදී විදුලිය ගිගාවොට් පැය 574ක් ඉතිරී වී ඇත. ඒ අනුව 2009 වසරේ ගිගාවොට් පැය 280ක් ද, 2010 වසරේ ගිගාවොට් පැය 294ක් ද ඉතිරි වී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වාදෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා