විදෙස් ශ්‍රමිකයන්ට මේ වසරේදී කෝටි 17ක රක්ෂණ වන්දි

රක්ෂණ භාර අරමුදලෙන්

විදෙස් ශ්‍රමිකයන්ට මේ වසරේදී කෝටි 17ක රක්ෂණ වන්දි

ලක්ෂයක් පමණ වන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ට ජාතික රක්ෂණ භාර අරමුදල මේ වසරේ ලබා දී ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් කෝටි 17 ඉක්මවා තිබේ. ඉකුත් වසරේ රක්ෂණ වන්දි ලෙස රුපියල් කෝටි 16ක මුදලක් ගෙවා ඇති අතර 2009 වසරේ ගෙවා ඇති මුදල රුපියල් කෝටි 8.5කි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ජාතික රක්ෂණ භාර අරමුදලත් ඒකාබද්ධව ගිවිසුමකට අනුව මේ වන්දි ලබා දීම සිදු කෙරේ.

මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් හිමි කර දෙන විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් කඩිනම් කාර්යක්ෂම සේවාවක් සැපයීම තම ආයතයේ අරමුණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ සඳහාම වෙන්වූ රක්ෂණ ඒකකයක් ඇති කළ බව රක්ෂණ භාර අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා