මුද්‍රණය සඳහා

 
යක්කල තිත්තලපිටිගොඩ ගමට අලුතෙන් ක්‍රීඩාපිටියක්

යක්කල තිත්තලපිටිගොඩ ගමට අලුතෙන් ක්‍රීඩාපිටියක්

ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ගැමි පෙදෙසක් වූ තිත්තලපිටිගොඩ ගමේ දූ දරුවන්ට මෙතෙක් ක්‍රීඩාපිටියක් නොතිබුණි. මේ දරුවන් පාසලේ ක්‍රීඩා පිටියේ දී දක්‍ෂතා දැක්වුව ද ගමේදී ක්‍රීඩා පුහුණුවට ක්‍රීඩා පිටියක් නොමැතිකම නිසා අසරණව සිටියහ.

මේ තත්ත්වය තේරුම් ගත් ගම්පහ සංවර්ධන පදනමේ අධ්‍යක්‍ෂ, ගම්පහ සමුපකාර සංගමයේ ද, අධ්‍යක්‍ෂ ප්‍රේමසිරි කාරියවසම් මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තිත්තලපිටිගොඩ ගමට ක්‍රීඩා පිටියකට සුදුසු භූමියක් සපයා දුන්නේ ය. එම ක්‍රීඩා පිටිය විවෘත කිරීම හා ප්‍රදේශයේ දූ දරුවන්ට ක්‍රීඩාපිටිය ලබාදීමේ උත්සවයට විශේෂ ආරාධිත ලෙස දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රංජිත් රූපසිංහ යන මහත්වරු ද එක්වූහ.

ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ආරාධිත අමුත්තන්
ඡායාරූපය – ගම්පහ සංචාරක


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]