මුද්‍රණය සඳහා

 
14 හැවිරිදි දැරිය දූෂ්‍ය කළ පුද්ගලයා සොයයි

14 හැවිරිදි දැරිය දූෂ්‍ය කළ පුද්ගලයා සොයයි

මොරවක ග්‍රාමයේදී 14 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මොරවක පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. සැකකරුට අයත් නවාතැන් පොළක පැවැත්වූ විවාහ මංගල්‍යෝත්සවයකට අත්උදව්වට මෙම දැරිය පැමිණ සිටියදී සැකකරු නවාතැන් පොළේ උඩ තට්ටුවේ කාමරයකට බලෙන් කැඳවාගෙන ගොස් දුෂ්‍ය කර තිබේ. එම අතවර සිද්ධිය දැරිය මව්පියන්ට පැවසීමෙන් අනතුරුව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]