කියාන්කුයි බලාගාරයේ පිපිරීමකින් සිවුදෙනෙක් මරුට

කියාන්කුයි බලාගාරයේ පිපිරීමකින් සිවුදෙනෙක් මරුට

මධ්‍ය චීනයේ හෙනාන් පළාතේ කියාන්කුයි ගල් අඟුරු ආකරයේ පෙරේදා සවස ඇති වූ පාෂාණ පිපිරුමකින් සිවුදෙනකු මියගොස් 57 දෙනකු එහි හිරවී ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ආකරයේ පාෂාණ පිපිරුම සිදුව ඇත්තේ හෙනාන් හි සැන්ඛෙන්ෂියා නගරය හෙල්ලුම් කෑ 2.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පසුව නමුදු එය ආකර අනතුරට බලපෑවේ ද යන්න පැහැදිලි වී නැත. අනතුර සිදුවන විට කම්කරුවන් 75 දෙනකු ආකර පතුලේ සිට ඇති අතර ඉන් 14 දෙනකු දිවි ගලවාගැන්මට සමත්ව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා