පෝල් බියා හය වැනි වරටත් කැමරන් ජනපති

පෝල් බියා හය වැනි වරටත් කැමරන් ජනපති

කැමරූන්හි ඉකුත් ඔක්තෝබර් 9 දා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් වත්මන් ජනාධිපති ‘පෝල් බියා’ හයවැනි වරටත් තවත් 7 වසරක ධූර කාලයක් සඳහා පෙරේදා දිවුරුම් දුන්නේ ය. එහෙත් ජනාධිපතිවරණය ප්‍රෝඩාකාරී වූවක් බවට විපක්ෂය චෝදනා කරයි. 78 හැවිරිදි බියා 1982 සිට කැමරූන්හි ජනාධිපති ධූරය දරයි.

ඔක්තෝම්බර් ජනාධිපතිවරණයේ දී ඔහු 78% ක ඡන්ද ප්‍රමාණයක් ලත් බව ප්‍රකාශිත අතර විපක්ෂ නායක ජෝන් ෆ්රූන්දිට ලබාගත හැකිව ඇත්තේ 11% ක් පමණි. කසේවෙතත් මේ විපක්ෂ නායකයා සහ තරගයට පිළිපන් සෙසු අපේක්ෂකයන් 6 දෙනාම බියාගේ ජයග්‍රහණය ප්‍රතික්‍ෂේප කර තිබේ. බියාගේ වාසියට හේතුවන පරිද්දෙන් මැතිවරණ පද්ධතියම වංචනික ක්‍රියාවන්ගෙන් ගහණ වූ බව ඔවුහු කියති.

මියගියවුන් පවා මෙහිදී බියාට ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පවසන ඔවුන් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මියගිය අයගේ ඡන්ද පවා අනුමත කර ඇතැයි චෝදනා කර තිබේ. එරට එක්සත් ජනපද තානාපතිවරයා මෙන් ම පූර්ව යටත් විජිත බලය පැවැත් වූ ප්‍රංශය ද ජනාධිපතිවරණයේ දී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා