|
||
වෝල් ස්ට්‍රීට් විරෝධතා හේතුවෙන් ඔක්ලන්ඩ් වරාය වසා දමයි
කැලිෆෝර්නියාවේ ඔක්ලන්ඩ් වරාය නගරයේ පෙරේදා පැවති වෝල් - ස්ට්‍රීට් විරෝධී උද්ඝෝෂකයන්ගේ පෙළපාලිය හා වැඩ වර්ජනය හේතුවෙන් එක්සත් ජනපදයේ කාර්යය බහුල මේ වරාය වසා දැමීමට පියවර ගෙන තිබිණ. එදින සවස්යාමයේ උද්ඝෝෂක පෙළපාලි පැවැත්වීමට කලින් වරාය බලධාරීන් විසින් අදාළ කාර්යමණ්ඩල නිවෙස්වලට පිටත් කර හැර තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වනු පිණිසය. වර්ජනයට ගුරුවරුන් සම්බන්ධවීම නිසා පාසල් වැසීගොස් තිබිණ. නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබිණ. නගර වරාය ද වසා දැමුණු අතර ආරක්ෂාව තහවුරු වීමෙන් පසු වරාය යළි විවෘත කරන බව පැවසී තිබිණ. කෙසේවෙතත් 7000ක් පමණ මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ. පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් පසු 80 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණ. විරෝධතාකරුවන් පස් දෙනකු හා පොලිසියේ තිදෙනකු ගැටුම්වල දී තුවාල ලබා තිබිණ. එක් පොලිස් භටයකු තුවාල ලබා තිබුණේ විරෝධතාකරුවකු සපා කෑම නිසාය. උද්ඝෝෂකයන් ගල්මුල් බෝතල් හා වෙනත් ද්‍රව්‍යවලින් සන්නද්ධව සිටි අතර, ඔවුන් මර්දනයට 400කට වැඩි ආරක්ෂක පිරිසක් යොදවා තිබිණ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |