තමා හමුවට එන මහජනතාව පිළිගෙන
සුහදව යුතුකම් ඉටු කරමු

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 නොවැම්බර් 06 තංගල්ලේදී.



මියගිය රණවිරුවන් සිහිකෙරෙන වාර්ෂික පොපි මල් සැමරුම් උත්සවය ඊයේ (13) උදේ කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිය වන ලිලී කොබ්බෑකඩුව මහත්මිය උපහාර දැක්වූ අයුරු. ඡායාරූපය - රංජිත් අසංක

අදට (14) යෙදී ඇති ජාත්‍යන්තර දියවැඩියා දිනය නිමිත්තෙන් ඊයේ (13) කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් පා ගමනක් ආරම්භ වූ අතර, එම පා ගමනේ පැමිණි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කමලා රණතුංග, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා සහ රෝහිත රාජපක්‍ෂ මහත්ම මහත්මීහු මෙහි වෙති.
ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කෝටිපති කතට සහ පුතාට මරණීය තර්ජනය කර කෝටියක කප්පම් ඉල්ලලා

සැකකරු එතැනම සේවය කළ ඥාති පුතෙක්

බම්බලපිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවකට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටියක කප්පම් ඉල්ලූ කප්පම්කරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13) පෙරවරුවේ මෝදර දී අත්අඩංගුවට ගෙන තිබේ. ද්‍රවිඩ ජාතිකයෙකු වූ මෙම සැකකරු කප්පම් සඳහා යොදාගත් ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් කීපයක් ද සොයාගෙන ඇත.

විස්තර »

මෙහෙයුමේදී සිදුවූ කිසිවක් කිසිවිටක සඟවන්නේ නෑ

උගත් පාඩම් වාර්තාව ගැන N. D. T. V. නාලිකාවට ජනපති කියයි

මෙරට මානුෂික මෙහෙයුම පැවති සමයේ මිනිස් අයිතිවාසිකම් කඩවීම් වාර්තා වී ඇතැයි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙන් තහවුරු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විස්තර »

චැනල් 4 ඊළඟ චිත්‍රපටය ගැන රජයේ දැඩි අවධානය

ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් යළිත් වරක් බ්‍රිතාන්‍යය චැනල් - ෆෝ නාලිකාව මඟින් එළිදැක්වීමට අපේක්ෂා කරන බව පවසන වීඩියෝ පටය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බව රජය අවධාරණය කරයි. යම් හෙයකින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අදහසින් එවැනි වීඩියෝ පටයක් එළිදක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විස්තර »

ජනපති ඕස්ට්‍රේලියාවට සුබ පතයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඕස්ට්‍රේලියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පළකළේ ය. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවත්වීමට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසුවෙන් ඕස්ට්‍රේලියාවට ජය හිමි විය.

විස්තර »

නැ‍ඟෙනහිර පාලම් 5ක් පිළිසකරට ජපානයෙන් මිලියන 1700ක්

වැඩ ඇරැඹීම හෙට ඇමැති බැසිල් අතින්

නැඟෙනහිර පළාතේ පාලම් 5 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපන් යෙන් බිලියන 1.2 ක (රුපියල් මිලියන 1700) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. එම මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) සිදු කෙරේ.

විස්තර »

ජයග්‍රහණ රැසක් සමඟ ජනපති මවුබිමට

දහ හත් වන සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සාර්ථක සංචාරය නිමා කර පෙරේදා (12) යළි මවුබිමට පැමිණියේය.“අන්‍යෝන්‍ය සබඳතා වැඩි දියුණු කිරීම” යන තේමාව යටතේ මාලදිවයිනේ අද්දු නගරයේ පැවැති සාක් රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් දිනා දීමට ජනාධිපතිවරයාට හැකි විය.

විස්තර »

ජනපති ජන්ම දින සමරා රට පුරා පින්කම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 66 වන ජන්ම දිනය සමරමින් දිවයින පුරා පින්කම් මාලාවක් සිදු කෙරේ. බෙල්ලන්විල රජමහා විහාරය මූලිකත්වයෙන් එකම ආකාරයට තැනූ පිරිත් මණ්ඩප 66 කදී එක් මණ්ඩපයක මහා සඟරුවන 12 නමකගේ සහභාගිත්වයෙන් 18 දින රාත්‍රී පහන් වනතුරු පිරිත් සජ්ක්‍ධායනයක් පැවැත්වේ.

විස්තර »

අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවටවීසා ගාස්තු පහතට

අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවට වීසා ලබාගැනීමේදී අය කරන ගාස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

විස්තර »

කොළඹ මහ රෝහලේ

විස බීජ නාශක එන්නතක අපද්‍රව්‍ය

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් සඳහා භාවිතා කරන ස්ලූකැනසෝල් (Slucanazole) නමැති විස බීජ නාශක එන්නතේ වීදුරු කුඩු වැනි අපද්‍රව්‍යයක් තිබී හමු වූ බවට එහි විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරති. රෝගීන්ගේ රුධිරයේ පුස් වැනි විසබීජ නැසීම සඳහා මේ එන්නත භාවිතා කෙරේ.

විස්තර »

මහනුවර මහ රෝහලේ ගිලන් රථයේ දී දස හැවිරිදි දැරියකට අතවර

ගිලන් රථයක දී දස හැවිරිදි දැරියකට මහනුවර මහ රෝහලේ රියදුරෙකු අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ.

විස්තර »

බස් වර්ජනයක්

පෞද්ගලික බස් වර්ජනයක් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද මේ තීරණයටම එළඹ ඇතැයි එම සංගමයේ ලේකම් අංජන පි‍්‍රයංජිත් මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර »


දෙදහස් දොළහ වර්ෂය සඳහා මේ මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා අවසන් වරට සකස් කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් ජනාධිපති මන්දිරයේදී සිදුකෙරුණු අවස්ථාව. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද මෙහි සිටී. ඡායාරූපය – චන්දන පෙරේරා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
“ඇති කෙනෙකුට වඩා කෙනෙකුට දුවක නැතී
දුවකගෙ අගය වැඩි වැඩියෙන් දැනෙනු ඇතී
සදාචාර සම්පන්නව සිහල ගතී
සුරකිනු දුවේ” අපෙ ජනපති ඔවා දෙතී