එකඟතා කඩකළ නිසා අසාර්ථක ව්‍යාපාර රජයට ගත්තා

එකඟතා කඩකළ නිසා අසාර්ථක ව්‍යාපාර රජයට ගත්තා

බැසිල් රාජපක්‍ෂ

ආර්ථික සංවර්ධන ඇමැති

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඉකුත් 09 වැනිදා පැවති විවාදයට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කරන ලද කතාව ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇත.

මේ පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙන සියලු ම ආයතන රාජ්‍ය දේපොළයි, මහජනයාගේ දේපොළයි. විවිධ කාලවල දී විවිධ කොන්දේසි මත ජනතාවට, එහෙම නැත්නම් පුද්ගලයන්ට, ව්‍යාපාරවලට මේ මහජන දේපොළ පවරා දීම කෙරිලා තිබෙනවා. මේක බ්‍රිතාන්‍ය යුගයේ දී පවා සිද්ධ වුණා. ඩඩ්ලි සේනානායක මැතිතුමා ගේ ආණ්ඩුව කාලයේ එවකට රාජ්‍ය ඇමතිවරයා හැටියට හිටපු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සංචාරක කලාප ඇතිකරලා, සංචාරක ව්‍යාපාරය කරන අයට ඒ සඳහා කොන්දේසි සහිතව ඉඩම් දුන්නා. පළමුවෙන් බෙන්තොට වාගේ තැන්වල ඉඩම් දුන්නා.

ඒවායේ දීත් කොන්දේසියක් දැම්මා, මෙය සංචාරක ව්‍යාපාර සඳහා හෝටල් ඉදිකිරීමට පමණයි, ඊට පිටින් වෙනත් කාර්යයක් කරන්න බැහැ කියලා. ඒ වගේ ම ඒකේ ගෙයක් හදන්න උත්සාහ කළොත්, කවුරු හරි එහි පදිංචි වෙන්න හැදුවොත් ඒවා නැවත රජයට පවරා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේ ම ඒවා නියමිත කාලයක් තුළ ඔවුන් හදන ප්‍රමාණය ඒකට ආයෝජනය කරන ප්‍රමාණය ඒවායේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා.

මෛත්‍රිපාල සේනානායක ඇමැතිතුමා කර්මාන්ත ඇතිකිරීම සඳහා කර්මාන්ත කලාප ඇතිකරලා මෙවැනි රජයේ ඉඩම් විවිධ කර්මාන්ත ඇති කරන්න දුන්නා. ඒ වගේම ඒකට ගෙනෙන යන්ත්‍රෝපකරණ සඳහාත් විශාල සහන සැලැස්වූවා.

ඒ වගේ ම පසු කාලෙක දී විශේෂයෙන් ම ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ආයෝජන කලාප ඇති කරලා මේ රටේ අයට පමණක් නොවෙයි, විදේශිකයන්ටත් යම් යම් කොන්දේසි මත මේ රටේ ආයෝජනය කරන්න මෙවැනි දේවල් ඒ අයට පැවරුවා. ඒ රජයේ දේපළ, මහජන දේපළ දෙනකොට කොන්දේසි රාශියක් ඇතුවයි දුන්නේ.

මේක රජයේ දේපළවලට, මහජන දේපළවලට විතරක් නොවෙයි, මහජන මුදලින් යම් කිසි සහනයක්, යම් කිසි වරප්‍රසාදයක් යම් කෙනෙකුට දෙනවා නම් ඒ කොන්දේසි මත තමයි දුන්නේ.

මේ පනතෙන් අපි කරන්නේ මහජනයා සතු රජයේ දේපොළ මහජනයා කියන්නේ රජය වෙනුවෙන් අපි තාවකාලික භාරකාරත්වයේ ඉන්නවා කියන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එවැනි දේවල්වලින් යම් විධියේ අයුතු ප්‍රයෝජන ගන්නවා නම්, ඒ කොන්දේසි කඩ කරනවා නම්, මහජනයා වෙනුවෙන් ඒවා සුරක්‍ෂිත කරන්න. මේ පනතෙන් අදහස් කරන්නේ මේ ආයතන කිසිවක් පෞද්ගලික දේපොළ නොවන බවයි.

නැවත වාරයක් කියනවා, මේවා මහජනයා ගේ දේපොළ; මහජනයා සතුයි; තාවකාලිකව ඔවුන්ට දුන්නේ කොන්දේසියක් මතයි කියා. ඒ කොන්දේසිය කඩ කරනවා නම්, දුප්පත් ගොවියාට තිබෙන කොන්දේසිය වාගේ මේ ධනපතියන්ටත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේක කිසිම විධියකින් අනෙක් අයට බලපාන්නේ නැහැ.

මුලින් ම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනතක් ගෙනාවේ 1971 දී යි. ඒ 1971 අංක 35 දරන ව්‍යාපාර පවරා ගැනීමේ පනතයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ කාලයේ ඒ බලය තිබුණා. ඊට පසු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනත ගෙනාවා. මේකෙනුත් ඒ ආකාරයට ම නිශ්චල දේපොළ ඕනෑම වෙලාවක අයිති කර ගන්න බලය තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, ඊට පසු කළු ජූලිය ඇතිවුණු වෙලාවේ 1987 පනතක් ගෙනාවා. ඒ තැනැත්තන්, දේපොළ හා කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පනත. මේ යටතේ කොළඹ තිබුණු විශාල ඉඩම් ප්‍රමාණයක්, ගොඩනැගිලි ප්‍රමාණයක් පෞද්ගලික අංශය අත්පත් කර ගත්තා. ඊට පසු රාජ්‍ය ව්‍යවසායන් පුනරුත්ථාපනය කිරීමේ පනත; 1990 අංක 29 දරන පනත ගෙනාවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ රාජ්‍ය දේපොළ පවරපු ඒවා ගන්න පනතක් ගෙනාවා.

හැබැයි, ඒකෙත් තිබෙන්නේ, “පෞද්ගලීකරණය කරන ලද යම් රාජ්‍ය ව්‍යවසායක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන බව හෝ සිදු වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා ගේ මතය වන අවස්ථාවක, ගැසට් පත්‍රයේ පළ කර ගන්න පුළුවන්” කියා. නමුත් අද ගෙනෙන පනත් කෙටුම්පතේ කිසිම තැනක මේ වාගේ විවෘත බලයක් දීලා නැහැ. ඒ බලය දීලා තිබෙන්නේ මේ උත්තරීතර සභාවට.

අපිට මුලින් ම මේ ගැන කිව්වේ ජනාධිපතිතුමා. පසුගිය වසරේ දී අය වැය කතාව ඉදිරිපත් කරමින් එතුමා කිව්වා මේ විවෘත බලය වහා ම අවලංගු කරන්න කියලා. ඒ වාගේ ම ඉඩම් ගැනත් කිව්වා.

අපි ඊට පස්සේ විශේෂඥ කමිටුවක් පත් කරලා මේ ගැන පරීක්‍ෂණ කරලා ඒ වහලා දැමූ ආයතනවල සියලු තොරතුරු ගත්තා.

තොරතුරු අරගෙන පළමුවැනි වතාවට මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයා හැටියට ජූලි මාසයේ 29 වනදා මේ පිළිබඳ පනතක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිමය හැටියට අනුමත කර ගන්න කටයුතු කළා.

එම පත්‍රිකාවේ ඇතුළත් වුණේ, “ඉහත පුළුල් විස්තර කර ඇති එකී පනතේ උප ලේඛනයේ ලැයිස්තු ගත කර ඇති ආර්ථික වශයෙන් ඌනකරණය වී ඇති හඳුනාගත් ආයතන වෙනත් දේ අතර රජය වෙත පවරා ගැනීමට සැලැස්වීම සඳහා ගරු නීතිපතිතුමා ගේ උපදෙස් මත පනත් කෙටුම්පතක ව්‍යුහය සම්පූර්ණ කිරීම” කියලා.

ඒ එක්ක ම අමාත්‍ය මණ්ඩලය මේක අනුමත කළා. අනුමත කර මේක හදිසි පනත් කෙටුම්පතක් හැටියට; ජාතික වැදගත්කමක් ඇති පනත් කෙටුම්පතක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 වන ව්‍යවස්ථාව ප්‍රකාර කටයුතු කරන්නට තීන්දු කළා.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉඩම් සීමා කිරීමේ පනත ගෙනා වෙලාවේ එතුමිය යෝජනා කළා, මේක පාර්ලිමේන්තුවට නොවෙයි, කැබිනට් එකේ ප්‍රකාශ කළ දවසේ සිට ක්‍රියාත්මක වන විධියට නීතිය ගේන්න කියලා. එහෙමයි මේ පනත ගෙනාවේ. මේක දැනගත් හැටියේ ඔප්පු ලියලා එහෙම නැත්නම් වෙනත් විධියට මේ නීතිය උල්ලංඝනය කරන්නට හදනවා. එම නිසා මේ වාගේ පනත් කෙටුම්පතක් ගෙන එන විට ඇත්තට ම මේ මහජන දේපළ ආරක්‍ෂා කරන්න නම් මේ වාගේ පියවරක් ගන්න ඕනෑ.

ඕර්‍ණධ් එකේ, අපේ ආයෝජන කලාපවල ඒ වාගේ ම ආයෝජන කලාපයක ආයෝජනය කරලා හෝ ඊට පිටින් අපේ පහසුකම් ගත්ත ආයතන විශේෂයෙන් වසා දැමූ ආයතන පිළිබඳ මේ ලැයිස්තුවේ තිබෙනවා. සයිනෝ ටෙක්ස් (පුද්ගලික) සමාගම 1996 – 02 – 18 දින වැහුවා.

අපි ගිවිසුම අවලංගු කරලා තිබෙනවා. ඒ අයගේ තවත් එකක් තිබුණා. කැබිතිගොල්ලෑවේ එක තමයි 1996 දී වැහුවේ. ඊළඟට, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබුණ එක 2009 – 01 – 14 දින වැහුවා. ඒවායේ රුපියල් ලක්‍ෂ 35 ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවලා නැහැ.

ඊළඟට, ජැක් ලංකා ලිමිටඩ්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබෙන්නේ. 2008 – 02 – 07 වෙනිදා 346 දෙනෙකු වැඩ කළා. අද එක්කෙනෙක්වත් නැහැ. වන්දි ගෙවලා නැහැ. රුපියල් ලක්‍ෂ 778 ක් අය වෙන්න තිබෙනවා. ඊළඟට සී/ස ප්ලීමත් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම, ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක. මේක 2004 – 03 – 31 වසා දැම්මා. මේක ඈවර කරමින් සිටිනවා. මේකේ සේවක අර්ථසාධක, පාරිතෝෂික මුදල් සහ වන්දි කිසිවක් ගෙවලා නැහැ.

ඊළඟට සී/ස කොස්මස් මැකී ඉන්ටස්ට්‍රි, ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක. 2004 – 09 – 26 දින වසා දැම්මා. අඩුම ගණනේ මේකේ නිවාඩු වැටුප්වත් ගෙව්වේ නැහැ. එකක සේවක අර්ථසාධක අරමුදල් රුපියල් ලක්‍ෂ 59 යි. පාරිතෝෂික මුදල් රුපියල් ලක්‍ෂ 72 යි. වන්දි රුපියල් ලක්‍ෂ 69 භ. ඒ විධියට ඒවා ගෙවපු නැති ආයතන. ඊළඟට සීතාස් ෆැෂන් ලංකා ගාමන්ට් පුද්ගලික සමාගම, හේවාගම, පොළොන්නරුව. 2006 – 11 – 15 දින 375 දෙනෙකු ගෙදර යවලා තිබෙනවා.

ඊළඟට ඩී. සී. ඇපරල් ප්‍රයිවට් ලිමිටඩ්, මහනුවර. කම්කරු කොමසාරිස්වරයා නඩු පවරලා තිබෙනවා. 2008 – 09 – 30 වසා දමා තිබෙනවා. සේවක අර්ථ සාධක අරමුදල් ගෙවලා නැහැ. වහලා තිබෙනවා. ඒකේ වැඩ කරපු 86 දෙනාම ගෙදර. සීමාසහිත හයිෆැෂන් ගාමන්ට් පුද්ගලික සමාගම, මේකේ තමයි දැන් උපකරණ හොරකම් කරගෙන යන්නේ. මේ ආයතනය තිබෙන්නේ රුවන්වැල්ලේ. 2007 – 12 – 05 වන දින සිට වහලා දාලා.

සේවකයන් 200 දෙනකුගේ සේවය අහිමි වුණා. ඊළඟට කොලීන්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, පදවිය. 2005 – 11 – 05 සිට වහලා තිබෙනවා. රුහුණු පුතා ඇපරල් පුද්ගලික සමාගමේ ආයතන තුනක් තිබුණා. බිබිල, මොනරාගල සහ ලුණුගම්වෙහෙර. 2004 – 10 – 31 වන දින එක් ආයතනයක් වැහුවා. 2005 – 10 – 31 වන දින හා 2005 – 11 – 01 වන දින අනෙක් ආයතන දෙක වැහුවා.

ඊළඟට සීමාසහිත සංජය ගාමන්ට්ස් පුද්ගලික සමාගම, කලවාන. 2011 – 06 – 30 වන දින වැහුවා. ඒ වාගේම සීමාසහිත මැක්ෆා ඇපරල් ආයතනය 2005 සිට වහලා. යොබීඩා ඇසෝසියේට්ස් පුද්ගලික සමාගම, ගෝනවිල 2000 වර්ෂයේ සිට වහලා. ඩයිනමික් ක්ලෝතින් ප්‍රයිවට් ලිමිටඩ්, 2008 – 06 – 12 වන දින සිට වහලා.

අවිස්සාවේල්ල සීතාවක කොස්කෝපොලිමර් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය 2008 – 07 – 31 වන දින සිට වහලා. ග්‍රේට්වෝල් ත්‍රෙඩ් මැනිෆැක්චරිස් (පෞද්ගලික) සමාගම 2009 – 06 – 22 වන දින සිට වහලා. සේවක වන්දි ගන්න කම්කරු කොමසාරිස් නඩු පවරා තිබෙන්නේ. ආදම්ජි එක්ස්ට්‍රැක්ෂන්ස් පුද්ගලික සමාගම, ග්‍රෑන්ඩ්පාස් 2008 – 09 – 01 දින සිට වහලා. ඩේටා ෆුඩ් ආයතනය 2008 – 05 – 10 වන දින සිට වහලා. ටෙන්ඩන් ලංකා පුද්ගලික සමාගම, පල්ලේකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ තිබෙන්නේ. 2010 – 03 – 15 වන දින සිට වහලා.

වසා දැමූ ආයතන

රිකන් ලංකා පුද්ගලික සමාගම, මල්වත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපය, නිට්ටඹුව. 2005 – 03 – 15 වන දින සිට වහලා. කොම්පොසයිට් ට්‍රවර් සොලුයිෂන් පුද්ගලික සමාගම 2009 – 03 – 24 වන දින සිට වහලා. හෙල්ත් ෆුඩ් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, 2007 – 03 – 24 වන දින සිට වහලා. ශ්‍රී විරාග් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, 2006 – 11 – 30 වන දින සිට වහලා. රෝයල් එක්ස්පෝර්ට් පුද්ගලික සමාගම, මීරිගම 2008 – 09 – 30 වන දින සිට වහලා. කොන්ටිනෙන්ටල් වනස්පති පුද්ගලික සමාගම 2008 – 04 – 30 වන දින සිට වහලා.

මේ ආයතනවලින් හුඟක් ආයතන තිබෙන්නේ මම කිව්ව විදිහට ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ. මේ ආයෝජන කලාපයක් කියන්නේ රජයේ, මහජනතාවගේ මුදල්. ඒවාට විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා. මේ ආයෝජන කලාපයක මේ ආයතන වහලා දමලා තිබෙන එකෙන් ඒ ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වනවා. අලුත් ආයෝජකයෙක් ආවොත් අපට මේ ආයතනය දෙන්න විධියක් නැහැ. ආයෝජන කලාපයක් තුළ විතරක් නොවෙයි, සුපර් මාකට් එකක් තුළ වුණත් කඩ දෙක තුනක් වැහිලා තිබෙන කොට ඒක අනෙක් කඩවලටත් බලපානවා. බොහෝ රටවල එවැනි ස්ථාන තිබෙනවා නම් වහාම පවරා ගන්නවා.

හිල්ටන් හෝටලයට අදාළ ගනුදෙනුව පිළිබඳව හැම කෙනෙක්ම දන්නවා. මේක ගිය අවුරුද්දේ විතරක් බිලියන 10.3 ක පාඩුවක් ලැබුවා. මේ රටේ ඉතාම වටිනා ඉඩමකයි මේක පිහිටා තිබෙන්නේ. එදා කොටුවේ පොලිසිය තිබුණේ එතැනයි. මේක ලංකාවේ තිබෙන ඉතාම වැදගත් හෝටලයක්. මේකට ආයෝජනය කරලා, අවුරුදු ගණනකදී මේ කාමර අලුත්වැඩියා කරලා නැහැ. ඉතිහාසයේදී මේකේ ගනුදෙනුව කළේ කොහොමද කියන එක ගැන වාර්තා වෙන විදිහට විතරක් පොඩි සඳහනක් කරන්නම්. මේ ඉඩමේ ප්‍රමාණය අක්කර 6.6 ක් වෙනවා. එක දවසින් මේක ආයෝජනය කරන්න කොනෙල් පෙරේරා නමැත්තාට දී තිබෙනවා. 1984 පෙබරවාරි 7 වැනිදා. උච්ඒ එකෙන් ඒකේ මචතභඥ එක දමා තිබෙන්නේ මිලියන 136 යි. ඒ, 7 වැනිදායි. හරියටම දින 8 කට පසුව 15 වැනිදා කොනෙල් පෙරේරා මේක ඩ්ධබඥත ඤඥමඥතධනඥපඵ (ඹ්චදඬච) වෙත දෙනවා. මිලියන 250 කට මචතභඥ කරලා. ඒ කියන්නේ දවස් හතට මිලියන 114 කින් අගය වැඩි කළා. එක්කෝ අර අගය අඩු කළා. එහෙම කරලා ඒකේ කොටස් අරගෙන ඉන්පසුව අර මිලියන 136 ගෙව්වේ නැහැ. එයා ගෙව්වේ මිලියන 28 යි. මුලින් ගෙව්වේ මිලියන 28 යි. අනික් ටික කොටස් වශයෙන් ගෙවන්න ගත්තා. හැබැයි ඊටපසුව එකම වාරිකයක්වත් ගෙව්වේ නැහැ. ඊළඟට යම් යම් ගනුදෙනු කරලා මේක ආණ්ඩුවට පැවරුවේ නැහැ. ජපන් සමාගමක් එක්ක කොන්ත්‍රාත් එකක් ගහලා ණයක් ගත්තා. ආයෝජනය කරනවාය කියපු ප්‍රමාණය ආයෝජනය කළේ නැහැ. ඊළඟට ආණ්ඩුවෙන් මේකට ඨභචපචදබඥඥ එකක් දුන්නා. ණය නොගෙවපු නිසා ඒ ඨභචපචදබඥඥ එකට අදාළ සියල්ලක්ම ගෙවන්න රජයට සිද්ධ වුණා. ඒකට පෙනී සිටියේ කේ. එන්. චොක්සි මහතායි. තට්ටු අඩු වෙච්ච ඒවා ගැන ඔබතුමන්ලා දන්නවා. මේවා ජනතාවගේ දේපළ. මේක රැක ගන්න අනිවාර්යයෙන් ම රජය බැඳී ඉන්නවා.

සෙවනගල ආයතනය පැවරීමේ දී මූලික ගිවිසුම් දෙකක් තිබෙනවා. එක ගිවිසුමක් තමයි, මේක පෞද්ගලීකරණය කිරීමේදී ඇති කර ගත් ගිවිසුම. දෙවැනි එක තමයි, මේකට බදු සහන ලබාගැනීම සඳහා ඕර්‍ණධ් එකත් එක්ක ඇතිකර ගත් ගිවිසුම. සාමාන්‍යයෙන් ඕනෑම පෞද්ගලීකරණයක් කරනකොට ඒ කට්ටිය ඇතුළත් කරනවා, තමන් ඉදිරිපත් කරන කොන්දේසි මොනවාද කියලා. කීයක් ආයෝජනය කරනවාද, මොනවා මොනවාද මේකෙන් දියුණු කරන්නට බලාපොරොත්තු වෙන්නේ, රැකියා කීයක් උත්පාදනය කරනවාද, ජාතියේ ආර්ථිකයට මොන තරම් දායකත්වයක් දරනවාද, කියන කරුණුත් පැහැදිලි කරන්නට ඕනැ. එතකොට ර්‍ථපධණඥජබ ර්‍ථපධනධඵචත එක වාගේම මූල්‍ය නපධනධඵචත එකත් දෙක වෙන වෙනම තාක්ෂණ මණ්ඩල විසින් පරීක්‍ෂා කරලා තමයි මේක දෙන්නේ. එතකොට ඒකෙදී ඇතුළත් වුණු කොන්දේසි කිහිපයක් තිබෙනවා. නඩචඵඥ ධ් එකට මේවායි, නඩචඵඥ ධ්ධ් එකේදී මේවායි කියලා තිබෙනවා. ඒ සඳහා කාලයක් තිබෙනවා. ඒ කාලය තුළදී මේ සියල්ලක්ම කරන්නට ඕනෑ. ඒ විතරක් නොවෙයි ඒ සඳහා ආයෝජනය කරන මුදලත් එහි සඳහන් කරලා තිබෙනවා. මෙහි කියනවා, ථධඤඥපදඪලචබඪධද ධට ඤඪඵබඪතතඥපර, ඥඵබචඡතඪඵඩථඥදබ ධට දඥඹ ඡධබබතඪදඨ නතචදබ, ඹචඵබඥඹචබඥප ථචදචඨඥථඥදබ ඵරඵබඥථ, දභජතඥචප නතචදබචබඪධද ඹඪබඩ ඪපපඪඨචබඪධද ටචජඪතඪබඪඥඵ ඊළඟට අනෙක් පැත්තේ කියනවා, මේ සඳහා ආයෝජනය කරන මුදල. එකකට රුපියල් මිලියන 163 යි. තව එකකට මිලියන 105 යි. ඔය විධියට නඩචඵඥ ධ් වල මිලියන 929 ක් ආයෝජනය කරනවායි කියලා තිබෙනවා. රැකියා ප්‍රමාණය කියලා තිබෙනවා. ඊළඟට නඩචඵඥ ධ්ධ් එකේ මිලියන 1268 යි. සම්පූර්ණ ගණන රුපියල් මිලියන 2808.11 ක් ආයෝජනය කරනවාය කියලා තිබෙනවා. මේ කියපු එකම දෙයක්වත් පැහැදිලිව ඉෂ්ට වෙලා නැහැයි කියන එක කනගාටුවෙන් කියනවා.

ඊළඟට ඕර්‍ණධ් එකේත් දෙදෙනෙක් ආයෝජනය කරලා, ඕර්‍ණධ් එක්කත් චඨපඥඥථඥදබ එකක් අත්සන් කළා. මේ ඕර්‍ණධ් පහසුකම් ගන්න මේ කට්ටිය යම් යම් කොන්දේසිවලට එකඟ වුණා. ඒකේ පළමුවැනි එක තමයි, ලබා ගත් සහන බදු විරාම කාලය අවුරුදු 8 යි, ඉන් පසුව අවුරුදු 15 යි. යන්ත්‍රෝපකරණ සියල්ලක්ම බදුවලින් නිදහස් කළා. ඊළඟට විනිමය හුවමාරු පාලක පනතේ එක් එක් වගන්තිවලින් නිදහස් කළා. මේවා තමයි ඕර්‍ණධ් එකෙන් දුන්නේ. ඒ කට්ටිය මුලින්ම මේකට කළ එකක් තමයි, මේක අපනයන කර්මාන්තයක් හැටියට -ඥයනධපබ කරන කර්මාන්තයක් හැටියට දුන්නා. අපනයන කර්මාන්තයක් හැටියට දියුණු කරලා තිබෙනවා කියලා තමයි මේ ගිවිසුමේ තිබෙන්නේ. ඊළඟට මුළු ඉඩම් ප්‍රමාණයම වගා කරන්න ඕනෑ කියලා \;බනවා. සඳහන් කර ඇති නියමිත ප්‍රමාණයම ආයෝජනය කරනවා කියලා එකඟ වෙලා තිබෙනවා.

සෙවනගල

සෙවනගල ආයතනයේ රැකියා සඳහා සේවකයින් 1599 ක් යොදා ගැනීමට හැකියාව තිබෙනවා කියලා සඳහන් කර තිබෙනවා. ඒකට එකඟ වෙලාත් තිබෙනවා. අඩු ගණනේ ඒ සේවක ප්‍රමාණයෙන් 729 ක් යොදා ගැනීමට යෝජනා කර තිබුණත් දැනට ඉන්නේ සේවකයන් 157 යි. ඡ්ර්‍ථජ්, ඡ්ඊජ් ගෙවපු කොළ ටිකත් එම අංක සහ නම් සමඟ මගේ ළඟ තිබෙනවා. මේක මේ විදිහට තිබියදී ඒ අය ලාභ ලැබුවා නම්, ඕනෑම ඕර්‍ණධ් ව්‍යාපෘතියක් ආදායම් බද්දෙන් නිදහස් කළාට, එසේ ආදායම් බද්දෙන් නිදහස් වෙන්න නම් මේවා සම්පූර්ණ කරලා ඕර්‍ණධ් එකෙන් සහතිකයක් ගන්න ඕනෑ. ඒ සහතිකය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දුන්නාට පස්සේ තමයි බදු අය කිරීමෙන් නිදහස් කරන්නේ. ඕර්‍ණධ් එක එහෙම සහතිකයක් දුන්නේ නැහැ. මොකද, එම ආයතනය ඒ කොන්දේසි සම්පූර්ණ කරලා නැහැ.

ආදායම් බදු

යම් කෙනෙක් කියනවා නම් මේ ආයතනය ලාභ ලැබුවා කියලා, එහෙම නම් ඔහු ආදායම් බදු ගෙවලා තිබෙන්නට ඕනෑ. මොකද, මේ කොන්දේසි යටතේ ඒ අයට අවුරුදු 8 ක සහනය දෙන්නේ අදාළ කොන්දේසි සපුරලා. ඕර්‍ණධ් එකෙන් සහතිකයක් අරගෙන, ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළොත් විතරයි.

සමහරු කිව්වා මේ කර්මාන්ත ශාලාවේ සීනි හදන කොට ථධතචඵඵඥඵ හැදෙනවා කියලා. මේ අය සුරාබදු කොමසාරිස්ට ලිපියක් යවනවා එයා මෙහේ ඒවා හදනවා විතරක් නොවෙයි, මේ උක් වවන කර්මාන්තය පැත්තක දමලා පිටරටින් ථධතචඵඵඥඵ ගෙනැල්ලා මේක කරනවා. සුරාබදු කොමසාරිස් ඒක උක් පර්යේෂණ ආයතනයට දන්වා යැව්වාම ඒ අය කිව්වා මේක සම්පූර්ණයෙන්ම වැරදියි, මේකෙන් අපේ රටේ අහිංසක උක් ගොවීන් විනාශ වෙනවා. මේකට කොහෙත්ම එකඟ නැහැ. කොන්දේසි අනුව මේ ඉඩම් දීලා තිබෙන්නේ උක් වවන්නයි, ථධතචඵඵඥඵ පිටරටින් ගෙන්වලා අරක්කු හදන්න නොවෙයි, කියලා. ඊළඟට ඒකට අවසරය දුන්නේ නැති වුණාම මේ අය සුරාබදු කොමසාරිස්ට විරුද්ධව අධිකරණයට ගියා. ඒ නඩුව ඒනනඥචත ඛ්ධභපබ එකේ තිබෙනවා. පිටරටින් ථධතචඵඵඥඵ ගෙනැල්ලා අරක්කු හදන්න නොවෙයි මේක දුන්නේ. මේ රටේ දහස් ගණනක් උක් වගා කරන ගොවි ජනතාව වෙනුවෙන් ඇතිකරපු ආයතනයක්. මේක පොදු දේපොළක්. රජයේ ඉඩම්.

ලංකා ට්‍රැක්ටර් සමාගම වහලා අවුරුදු ගණනක් වෙනවා. ඒක පාඩු ලබපු ආයතනයක් නොවෙයි. මේක 1994 දී තමයි පෞද්ගලිකරණය කළේ. 1989 දී එහි ලාභය මිලියන 25.5 යි. 1990 දී මිලියන 55.2 යි. 1991 දී මිලියන 29.3 යි. 1992 දී මිලියන 20.2 යි. 1993 දී මිලියන 37.4 ක් ලාභ ලබපු ආයතනයක් මේක. එහෙම ආයතනයක් පෞද්ගලීකරණය කරලා මේ රටේ තිබෙන වැදගත්ම දේපළක් නාස්ති කළා. කුබෝටා සහ මැසි ෆර්ගියුසන් ටැෆා කියන ආයතනවල ඒජන්සි එක තිබුණා. මේකේ හිටපු ඒ සේවකයන් 550 ටම රැකියා නැති වුණා. සේවකයින්ගේ කොටස්වලට ඔවුන්ට මුදල් ගෙව්වේ නැහැ. පාරිතෝෂික මුදල් අහිමි වුණා. එහෙම තිබුණු ආයතනයක් මේක. දුන්නේ මිලියන 148 යි, නාරාහේන්පිට සහ පිටකොටුවෙ. ඉතාම වටිනා ඉඩමක්.

ඉදිරිපත් කරපු තවත් ප්‍රධාන චෝදනාවක් තමයි රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියන එක. සමහර රාජ්‍ය ආයතන කළමනාකරණයේ වැරැදි නිසා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේ කරපු දේවල් නිසා. ඊළඟට විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය. මේක අප ලාභ ලබන්න නොවෙයි කරන්නේ. මේක සේවාවක්. අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව “සැමට විදුලිය” කියන වැඩපිළිවෙළ යටතේ ලබන අවුරුද්දේ ජූලි මාසය වෙනකොට මේ රටේ සියලු ජනතාවගේ නිවෙස්වලට විදුලිය දීමට අපේ වැඩපිළිවෙළක් තිබෙනවා.

ඒ වාගේම පාඩුවට තිබිලා අපි ලාභ ලබන ආයතනත් තිබෙනවා. කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ලංකා පොස්පේට් වාගේ ආයතන පාඩු ලබමින් තිබිලා දැන් ලාභ ලබන ආයතන බවට පත් කරලා කටයුතු කරලා තිබෙනවා. රාජ්‍ය ආයතන පාඩු ලැබුවාට පෞද්ගලික අංශයේ කළමනාකරණයේ තිබෙන දක්‍ෂකම්, ඔවුන්ගේ තිබෙන හැකියාවන් මේ රටේ ජාතික ආර්ථිකයට හවුල් කර ගන්නයි මේවා දුන්නේ. ඉතින් ඒ අයත් ලාභ ලබන්නේ නැත්නම්, ඒවා හරියට දුවන්නේ නැත්නම්, ඒවා වහලා දමනවා නම් මේ මහජන දේපොළ නැවත ගන්නේ නැතිව මොකක්ද කරන්නේ.

කඩා වැටුණු බැංකු

මා ඇතුලු සමස්ත කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා වෙනුවෙන් සහතික වෙනවා, මේ රටේ කිසිම පුද්ගලික ආයතනයක් හෝ ගෙයක් අපි පවරා ගන්නේ නැහැ කියා. ඒ සහතිකය අපි මේ අවස්ථාවේදී දෙනවා. පසුගියදා මේ රටේ නොවෙයි ලෝකයේම බැංකු කඩා වැටුණා. ඒ කඩාවැටුණු වෙලාවේ අපේ රටේත් ඒ තත්ත්වය ඇතිවෙන්න ගියා. සෙලාන් බැංකුවේ සේවය කරපු දහස් ගණනක් එදා වැඩට ගියේ, “මේ අපි වැඩට යන අන්තිම දවස” කියලායි. ඒ වාගේම ඔවුන් අඬ අඬා තමයි වැඩට ගියේ. ඒ වාගේම තැන්පත්කරුවෝ සල්ලි ගන්න අඬ අඬා පෙරහැරෙන් ගියේ. ඒ වෙලාවේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා පැය විසිහතරෙන් සෙලාන් බැංකුව රැක ගත්තා විතරක් නොවෙයි, එහි සේවකයනුත්, ආයෝජකයනුත් සියලු දෙනාම රැකගෙන මුළු බැංකු ක්‍රමයම ආරක්‍ෂා කළා. ඒක පෞද්ගලික අංශයට කරපු ;ලාකුම සහනයයි. ප්‍රමුඛ බැංකුවට මොකක්ද වෙලා තිබුණේ? තැන්පත්කරුවෝ සියලු දෙනාම අමාරුවේ වැටිලා. අපි “ශ්‍රී ලංකා ජාතික ඉතිරි කිරීමේ බැංකුව“ කියලා ඒ බැංකුව පිහිටුවා, ඒකට ආයෝජනය කරපු ලොකු, කුඩා හැම දෙනාගේම විශ්වාසය දිනා ගන්න කටයුතු කළා.

සංචාරක ව්‍යාපාරයේ යෙදුණු අය එක්තරා කාලයක විශාල අකරතැබ්බයකට පත් වුණා. ඒ වෙලාවේ රජය මැදිහත් වුණා. ඔවුන්ගේ විදුලිය ගාස්තුව අඩු කළා. ඔවුන්ගේ ණය කපාහැරියා. පොලී රහිතව විශේෂ ණය ආධාර කළා. මේ විධියට ඒ කර්මාන්ත රැකගන්න අපි ඉඩ සැලැස්සුවා. ඒ විතරක් නොවෙයි. 1977 ට පස්සේ ප්‍රථම වතාවට පුළුල් බදු ප්‍රතිසංස්කරණයක් කළා.

ආයෝජන

බදු ගෙවන අය වෙනදා ගෙවූ බදු ලැයිස්තුවෙන් 13 ක් ම මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳලා ඉවත් වුණා. නියමිත ක්‍රමයක් යටතේ ඒක කළා. ඒ වාගේම ඔවුන්ගේ සංවර්ධනයට බාධාවක් වෙලා තිබුණු සියයට සියයේ ඉහළ මට්ටමේ පොලිය අපි සියයට 14 දක්වා අඩු කළා. ඒකෙන් ඇතිවන ඉතිරිය ගණන් හදා බලන්න. එක වෛද්‍යවරයෙක් කිව්වා, ඔහුගේ නිවාස ණය වෙනුවෙන් ගෙවන මුදලෙන් මාසයකට පොලිය විතරක් රුපියල් 7000 ක් පමණ ඉතිරියක් ඇති වනවාය කියලා.

අපි ආයෝජන සුරක්‍ෂිතතාව සඳහා කටයුතු කර තිබෙනවා. අපි පෞද්ගලික අංශයේ පමණක් නොවෙයි, ඉහළ මට්ටමේ විදේශ ආයෝජන සුරක්‍ෂිත කරන්න විනිවිද භාවයකින් කටයුතු කරලා තිබෙනවා. අපි මේවා නිලධාරීන් සහන දෙන්නේ නැතුව ඒ දෙන සහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊට පස්සේ එය ගැසට් කරලා දින 30 ක් දීලා ඊට පස්සේ ඒක නැවත පරීක්‍ෂා කරලා ආයිත් කැබිනට් එකට ගිහිල්ලා එතැනින් නවතින්නේ නැතුව මේ උත්තරීතර සභාවට ඇවිල්ලා ඒ සහතිකය ඔබතුමන්ලාගේ පනතකින් සම්මත කළොත් තමයි එය කෙරෙන්නේ.

එතකොට ඒ ආයෝජකයාට ස්ථිර ශක්තියත් නීතිමය ශක්තියත් අපි ලබලා දීලා තිබෙනවා. ඒ වගේම වී මෝල් හිමියන්ට වගේ අයට අපි විශාල සහන දුන්නා. මොකද මේ රටේ සුළු වී මෝල් හිමියන් ගම්පහ ආසනයේ මරදගහමුල ඉන්නවා විශාල ගණනක් රැකියා කරන.

ඔවුන් එක කාලයක් දැන් අවුරුදු 4 කට ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ වෙලාවේ අපි කීප වතාවක් ඔවුන්ට සහන දීලා ණය කපා හැරලා ඒ වගේම වී තොග රැස් කරන්න අවශ්‍ය සහන පොලියට ඒ මුදල් දුන්නා.

අපි අයවැය හිඟය අඩු කර තිබෙනවා. දකුණු ආසියාවේ කිසිම රටක් පැය 24 ම සතියේ දවස් 7 ම, අවුරුද්දේ දවස් 365 ම විදුලි බලය ලබා දෙන්නේ නැහැ. නමුත් පැය 24 ම, අවුරුද්දේ දවස් 365 ම විදුලිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා.

ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන තුළ පුද්ගලයා ගොඩනඟා පවුල ගොඩනඟන්නත්, පවුල ගොඩනඟා ගම හදන්නත්, ගම හදා රට හදලා ලොව දිනන්නත් කියන තේමාව යටතේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් පමණක් නොව මා කලින් පැහැදිලිව කිව්වා වාගේ සුළු ව්‍යාපාරිකයන් - තේ කඩයක් දමා ගෙන ඉන්න එක්කෙනා, වී මෝලක් දමාගෙන ඉන්න එක්කෙනා, ත්‍රිවිලර් එකක් පදවන එක්කෙනා, “ඩිමෝ බට්ටා” පදවන එක්කෙනා, නචමඥථඥදබ එකේ වෙළෙඳාම් කරන එක්කෙනා එහෙම නැත්නම් පොලොස් ටිකක් ලියලා විකුණමින් සතිපොළේ ව්‍යාපාර කරන එක්කෙනා සියලු දෙනා ආරක්‍ෂා කරන්න කටයුතු කළා විතරක් නොවෙයි.

මේ ඔක්කොටම වැඩිය ලොකුම දේ මේ රටට කළා. ජනතාවට අවුරුදු 30 ක් තිස්සේ නිදහසේ වෙළෙඳාම් කරන්න තියා දරුවන්ට ඉස්කෝලේ යන්නත් බැරිව තිබුණා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යුද්ධය නිම කරලා මේ රටට ස්ථිර සාමය දිනා දීපු එක තමයි ව්‍යාපාරිකයින්ට කරපු ලොකුම ආයෝජනය වන්නේ.

පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරනවා. අවංකව වැඩ කරන ව්‍යාපාරිකයන් රැක ගන්න, ඔවුන්ගේ ආයෝජන ආරක්‍ෂා කරන්න, ඔවුන්ට ඉදිරියට යන්න සියලුම ආරක්‍ෂාව මේ ආණ්ඩුව ලබා දෙනවා. කරුණාකර, ඒ ආයෝජන කරන්න.

අපි දේශීය ආයෝජකයින්ට දිය හැකි උපරිම සහයෝගය දෙන ගමන් ඉහළ මට්ටමේ විදේශ ආයෝජන ලබා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් කරනවා. මේ රට විකුණන්නේ නැතුව මේ රටේ ජනතාව ආරක්‍ෂා කර ගෙන, අපේ පරිසරය ආරක්‍ෂා කර ගෙන, අපේ ජාතික උරුමයන් ආරක්‍ෂා කර ගෙන, අපේ සිරිත් විරිත්, අපේ හැදියාව මේ සියල්ල ආරක්‍ෂා කර ගෙන ඒ ආයෝජන කරන අයට සම්පූර්ණ ආරක්‍ෂාව දෙනවා.

මේ පනත් කෙටුම්පතින් කෙරෙන්නේ මහජනතාවගේ දේපොළ අනිසි ලෙස හෝ අයුතු ලෙස පරිහරණය නොකර, නිකරුණේ අතහැර දමා තිබෙන දේපොළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමයි. මේ රටේ රැකියා බිහිකිරීම සඳහා, මේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඒවා යොදා ගන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා