මුද්‍රණය සඳහා

 
ජනපති ඕස්ට්‍රේලියාවට සුබ පතයි

ජනපති ඕස්ට්‍රේලියාවට සුබ පතයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඕස්ට්‍රේලියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පළකළේ ය.

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවත්වීමට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසුවෙන් ඕස්ට්‍රේලියාවට ජය හිමි විය.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී වර්ෂ 2018 දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිම දක්ෂතා පෙන්වා ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙනු ඇතැයි ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කරයි. මෙම ක්‍රීඩා උළෙල 2018 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉතා විශ්වාසනීය ලංසුවක් ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් ඒ සඳහා සහාය ලබාදුන් සියලු දෙනාට විශේෂයෙන් පුද්ගලික අංශයට තමාගේ බලවත් ස්තූතිය පුදකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]