මරණ දැන්වීම්




 

වෛද්‍ය නාමල් ධර්මරත්න මහතා - අඹතැන්න, මුල්ලේගම, අංක 74 පදිංචිව සිට දැනට මහනුවර ධර්මාශෝක මාවත අංක 27/5 කේ පදිංචිව සිට 2011.11.12 වැනි දින අභාවප්‍රාප්ත වූ මුල්ලේගම සිටි මහනුවර මහ රෝ්හලේ වෛද්‍ය සමන්ති කුලතුංග යන අයගේ ස්වාමි පුරුෂයා වූ මහනුවර ඉඩම් අංශයේ කෝරළේගෙදර තිලකරත්න යන අයගේ සහ සන්ධ්‍යා කුමාරිගේ සහෝදරයා වූ ඇන්.ඩී. පොඩිමැණිකේ ගේ දයාබර පුත්‍රයා වූ මහනුවර මහ රෝහලේ සේවය කළ නාමල් ධර්මරත්න මහතාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු 2011.11.14 වැනි දින ප.ව. 4 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කෙරේ. ධර්මාශෝක මාවත, වටපුළුව, මහනුවර.
 

පානදුර සිල්වා ටෙක්ස්ටයිල්ස් අධිපති බී.වී. ප්‍රනාන්දු - අභාවප්‍රාප්ත එස්ලින් සිල්වා මැතිනියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, අජිත් (ලංකා විදුලිබල මණ්ඩලය) සහ සරත් (කාර්මික සංවර්ධන මණ්ඩලය) ගේ ආදරණීය පියාණන් වූද, පද්මා (හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශ්‍රී ලංකා රජයේ ඉංජිනේරු සංස්ථාව) සහ ඉන්ද්‍රානි (නීතිඥ) ගේ ආදරණීය මාමණ්ඩිය වූද, හරිනි (වෛද්‍ය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල), අයන්ත (එක්සත් රාජධානිය), දුලන්ත (ඇමරිකාව), සරින්දි (වෛද්‍ය ශිෂ්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සහ ක්‍රිෂේන් (වෛද්‍ය - මහනුවර මහ රෝහල) යන අයගේ ආදරණීය සීයා වූද, පානදුර සිල්වා ටෙක්ස්ටයිල්ස් අධිපති බී.වී. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූයෙන්, ඒ පිළිබඳ ආදාහන කටයුතු 2011.11.14 වන සඳුදා සවස 4.00 ට පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 3.30 ට. 28/6, පොදුජන මාවත, වලාන, පානදුර.
 

එමෝනොනා කාරියප්පෙරුම මාතාව - නැසීගිය එච්. බැස්ටියන් මහතාගේ අදාරණීය භාය¸ාව වූද, සුසිලා, සිරිලාල් (විශ්‍රාමික ශ්‍රී.ලං.ප.සේ.) මාලනි යන අයගේ දයාබර මෑණියන් වූද, පත්මබන්ධු (විශ්‍රාමික), දමයන්ති (යසෝදරා දේවි බාලිකා - ගම්පහ) ආරියරත්න දිසානායක (විශ්‍රාමික ග්‍රා.නි.) යන අයගේ නැන්දනිය වුද, ගම්පහ පහලගම විසූ එමෝනෝනා කාරියප්පෙරුම මාතාව අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011 නොවැම්බර් 15 වන අඟහරුවාදා සවස 4.00 ට කසගහවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ. 59 ඩී, පහලගම, ගම්පහ.
 

පී.ඩී. දිනසිරි මහතා - අංක 120/3 ආවාස පාර, කැස්බෑව නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමික නිලධාරී පී.ඩී. දිනසිරි මහතා, කේ.ඒ. චන්ද්‍රාණි ගුණතිලක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, නලින්ද පාදුක්ක (කළමනාකරු නඩස්ට්‍රා ආයතනය), නවීන් පාදුක්ක (ආනන්ද විද්‍යාලය, කොළඹ 10 ශිෂ්‍ය) යන අයගේ පියාණන් වූද, නිල්මිණි ජයසිංහ (කටුනායක රෝමානු කතෝලික විද්‍යාලයේ ආචාරිණී) යන අයගේ මාමණ්ඩිය වූද, ශ්‍රී ලංකා මහා බැංකු විශ්‍රාමික නිලධාරී පී.ඩී. දිනසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2011 නොවැම්බර් මස 14 වන දින පස්වරු 3.00 ට කැස්බෑව ආදාහනාගාරයේදී සිදු කරනු ලබන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත කනගාටුවෙන් දැනුම් දෙමු. ආදාහන පෙරහැර සඳුදා දින සවස 2.00 ට අංක 210/2, අඹගහ හන්දිය, මාකන්දන, මඩපාත නිවසින් පිටත් වේ. මෙයට ශෝකයට පත් දයාබර බරිඳ හා දරු පිරිස.
 

විමලසේන වික්‍රමසිංහ මහතා - උමා කනහැරආරච්චි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, නයනා වික්‍රමසිංහ, ලලිත් ගාමිණී වික්‍රමසිංහ (යුදහමුදාව - කොළඹ) ගීතා වික්‍රමසිංහ, සනත් කුමාර වික්‍රමසිංහ (විශ්‍රාමික - යුදහමුදාව) ඩොයිල් ධම්මික වික්‍රමසිංහ (පොලීසිය - කාත්තන්කුඩි) යන අයගේ ආදරණීය පියාණන් වූද, සුනිතා, ශ්‍රී ලාල් (සුරාබදු දෙපාර්තමේන්තුව - මීරිගම), කුමාරි, ධම්මික, (පොලීසිය - බෙන්තොට) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද විමලසේන වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු නොවැම්බර් 14 (සඳුදා) සවස 3.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදුකෙරේ. ‘විකසිත” යාලේගම, ඉඳුරුව. 034-2270453.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා