විශිෂ්ට පෞරුෂයෙන් උපක්‍ෂිත පුණ්‍යවන්ත නායකයෙක්

විශිෂ්ට පෞරුෂයෙන් උපක්‍ෂිත පුණ්‍යවන්ත නායකයෙක්

විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීෂ්වර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වතාවටත් ජනාධිපති පදවියට පත්ව එම ධුර කාලයේ දෙවන වසර ආරම්භ කරයි. ශ්‍රී ලංකාද්වීපයේ රාජ්‍ය නායකයාණන් වශයෙන් එතුමාගේ කාය¸ය සංසිද්ධිය තැන්පත්, මධ්‍යස්ථ, උපේක්ෂිත සිතිවිල්ලෙන් යුතුව අවලෝකනය කිරීම බෙහෙවින් අර්ථදායී වන්නේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ස්වකීය පීතෘපිතාමහාන්වයාගත විශිෂ්ට පෞරුෂයෙන් උපක්‍ෂිත වූ පුණ්‍යවන්ත නායකයෙකි. චිත්තාකර්ශණීය උපධි සම්පත්තිය, උට්ඨාන වීය¸ය, අනලස්භාවය, දූරදර්ශී ඥානය, ප්‍රියමනාපභාවය, ශ්‍රද්ධාබුද්ධි සුසංයෝගය හා දේශජ දීධී ශක්තිය ආත්ම කොටගත් සත්පුරුෂයෙකි. ශ්‍රී ලංකාද්වීපයේ අධ්‍යතන ඉතිහාසයේ මතු වූ අර්බුදකාරී ව්‍යාකූල ව්‍යසනකාරී කුරිරු ත්‍රස්තවාදී යුද්ධය සාර්ථකව නිම කරමින් රටට ලබා දුන් අර්ථවත් ජයග්‍රහණය එතුමාගේ කාය¸ය සංසිද්ධියෙහිලා විශිෂ්ටතම ප්‍රතිඵලයයි. ඒ කෙරෙහි නැවත නැවත ද සිතා බැලිය යුත්තේ “කොතරම් දුරට ඈත අතීතය දෙස බලන්නේ ද එතරම්ම බොහෝ දුරට අනාගතය දකින්නට පුළුවන...” යනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකුව සිටි වින්ස්ටන් චර්චිල් විද්වතාණන් දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් අනුසාරයෙන් කළ ප්‍රායෝගික වූත් දේශපාලන න්‍යායානුගත වූත් අදහස් මෙනෙහි කිරීමෙනි.

රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපතිතුමාගේ දේශපාලන, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් සිදු කළ සිදු කරන සාර්ථක අනභිභවනීය යුග මෙහෙවර ස්වාධීන විද්වත්හු ප්‍රශංසාත්මක විග්‍රහයන් තුළින් සදා අගය කරනු නිසැකය. මෙහිලා වෙසෙසින් අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය වන්නේ බොහෝ දුරට අපට ආවේණික වූ සාරධර්ම මත පිහිටා රාජ්‍ය පාලනය මගින් පොදු හා සමාජීය කර්තව්‍යයන් සිදු කිරීමට එතුමා ගන්නා අවංක උත්සාහයයි.

ධීර – වීර - සූර - සාර යන චතුර්විධ ක්‍ෂේත්‍රයන් යම් නායකයෙකුගේ ජීවිතයය තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරත් නම් හෙතෙම ඉතා සාර්ථක වන්නේය. හැමට යහපත සලසාලීමට ද සමත් වන්නේය. ඉපැරැණි භාරතීය දශ¡න සම්ප්‍රදායට අනුගතව ඇතිවූ මෙම වටිනා අදහස ඈත අතීතයට මෙන්ම මෑත වර්තමානයට බෙහෙවින් ප්‍රයෝජනවත් ඉගැන්වීමකි.

ධීර යනු නුවණැ’ති බවයි. “ධීරො ච විඤ්ඤූ” යන විශේෂ යෙදුමක් පාලි සාහිත්‍යයෙහි අන්තර්ගත වේ. සියල්ල දැරීමට සමත් වන්නේ ද ධීරත්වයෙන් හෙබි තැනැත්තාය. නායකත්වයට අදාළ සාර්ථක මෙහෙයවීමක් සඳහා උක්ත ‘ධීරÀවය’ අත්‍යවශ්‍ය සාධකයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකී ගුණාංගය ඉතා මැනවින් යොදා ගනිමින් සාර්ථක ප්‍රගතියක් කරා රට මෙහෙයවමින් සිටියි. බෞද්ධ ආචාර ධර්‍මයෙහි ඉගැන්වෙන ආකාරයට “නුවණැ’ති”, “සභායවන”, “සමඟ හැසිරෙන”, “මනා පැවතුම් ඇති”, “ධෘතිමත්” සභායකයන් රාජ්‍ය පාලනයේදී අත්‍යවශ්‍යය. ස්වකීය වටිනා සොහොයුරන් දෙපලක් ජනාධිපතිතුමාට ලැබීම පෙර භව වාසනාවකි. “ශක්තිය තවත් ශක්තියකට ගරු කරයි” ඒ වනාහි විද්‍යාත්මක නියමයකි. ඒ සියලු ශක්තීන් එකරාශී වී සියලු ක්‍ෂේත්‍රයන්හි බලාපොරොත්තු සහගත නවෝදයක් ඇති වී තිබේ.

අර්ථ – අනර්ථ – කාරණ – අකාරණ පිළිබඳ ඉතා නිවැරැදි දැක්මක් ඇතිව සතර අගතියෙන් තොරව (ඡÁද - දොෂ – භය - මෝහ) තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට වීරÀවය අත්‍යවශ්‍ය වේ. නායකයෙකු වටා විශාල අනුගාමික පිරිසක් ඒකරාශී වීම ස්වභාවිකය. ඒ කෙරෙහි බලපාන සාධක අතර “වීරÀවය” ඉතා ප්‍රබල වූවකි. නිවැරැදි තීරණ නිවැරැදි ආකාරයෙන් නිවැරැදි වේලාවේදී ගැනීම වීරÀවයේ ලක්ෂණයකි. වීරය කිසිදු බලවේගයකට යටත් නොවේ. ඔහු දූරදර්ශී ඥානයෙන් සිය තීරණ ගෙන භාවිතයට එළැඹෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එබඳු වීරත්වයෙන් යුතුව කටයුතුª කරන ආකාරය අතීතය හා වර්තමානය තුළින් ඉතා පැහැදිලි කාරණයක් වී තිබේ.

රටක්, දැයක් සාර්ථකව මෙහෙයවීම සඳහා “සූරÀවය” බෙහෙවින් අත්‍යවශ්‍යයි. මේ සඳහා ඉතා ගැඹුරු බුද්ධිමත්භාවයක් ද පදනම් විය යුතුයි. යමෙකුගේ බුද්ධිඩ ඔහුගේ බලයයි. (බුද්ධීර්යස්ස බලං තස්‍ය) ශූර තැනැත්තේ මේ සියල්ල දැන කටයුතු කරයි. ව්‍යවස්ථාදායකය තුළ පැවති අවිනිශ්චිත – ව්‍යාකූල – අසංවිධිත පැවැත්ම ශූර – බුද්ධියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් ඉතා සාර්ථකව මෙහෙයවමින් ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශී සම්ප්‍රදායයන් මගින්ම ව්‍යවස්ථානුකූලව ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂය) අති බහුතරයකින් සවිමත් කර ගැනීම පමණක් වූව ජනාධිපතිතුමන්ගේ ශූරත්වය පෙන්නුම් කෙරෙන හොඳම සාධකයයි. දේශපාලන පොර පිටියේදී සිය ප්‍රතිවාදීන් අන්දමන්දභාවයට පත්වීම එතුමන්ගේ ශූරත්වයේ ප්‍රතිඵලයක් ලෙස නොසිතිය හැකිද?

දුර්ලභව ලබන මිනිස්භවය “සාරÀවයෙන්” පෝෂණය විය යුතුය. සරුදෙය සරු වශයෙන් දැකීමත් එය දිවි මගට – ආධ්‍යාත්මයට – පැවැත්මට අන්තර්ගත කර ගැනීමත් දෙලොව සැපතට - සාර්ථකÀවයට හේතු වේ.

ජනතා ආකල්පය හා ප්‍රසාදය දිනාගත හැක්කේ දිවි මගෙහි සාරත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රකට කිරීම තුළිනි.

ධර්‍මශ්‍රවණ – වන්දනමාන – බුද්ධපූජා - රත්නත්‍රය විෂයෙහි ප්‍රසාදය – ගිලානෝපස්ථාන – අසරණසරණා’දී යහ ගුණ සමුදාය හැකි පමණින් දිවි මගට සම්බන්ධ කර ගත් අතිගරු ජනාධිපතිතුමා සාරවත් බෞද්ධයෙකි. රටදැය මනාව සංවර්ධනය කරමින් උභය ලෝකාර්ථ සංසිද්ධියෙහි උත්සුක වන එතුමාට ආයුරාරෝග්‍ය සම්පත් පතමු.

සුඛී දීඝායුකො භව