අධ්‍යතන සංස්කෘතික අභිමානයේ යුග පුරුෂයාණෙනි චිරං ජයතු!

අධ්‍යතන සංස්කෘතික අභිමානයේ යුග පුරුෂයාණෙනි චිරං ජයතු!

ලාංකික දේශයේ අභිමානවත් පෞර්ෂය ජාත්‍යන්තරය හමුවේ තබනු ලබන්නේ අපේ අතීත උරුමයයි. ශ්‍රී විභූතිය යි. එය හුදෙක්ම සංස්කෘතිකමය අගයකි. හරයකි.

දේශීය සංස්කෘතික ක්‍රියාදාමයේ අතීත සහ අනාගත පැවැත්මේ සන්ධිස්ථානය සනිටුහන් කරන මහින්ද චින්තන යුගය විශේෂත්වයක් ගනියි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සංස්කෘතික හා කලා කටයුතු සම්බන්ධයෙන් දක්වනු ලබන අතිශය ලැදියාව ශ්‍රී ලංකා මාතෘ භූමියේ සංස්කෘතික ක්ෂේත්‍රයේ නැවුම් ප්‍රබෝධයකට හේතු වී තිබේ.

සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල ක්‍රියාකාරීත්වයකින් පවතින බව තේරුම් ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රීමතාණන් විසින් වසරක් පාසාම අයවැයෙන් වැඩිපුර මුදල් ප්‍රතිපාදන සංස්කෘතික අමාත්‍යාංශයට වෙන්කළ අතර මානව හා භෞතික සම්පත් වඩාත් ඵලදායීතාවයකින් යුතුව ගොඩනැංවීමට එමඟින් ක්‍රියා කර තිබේ.

එතුමාගේ මඟපෙන්වීම යටතේ ජාතික ප්‍රසංග කලා රඟහල, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, කුණ්ඩසාලේ කලා රඟහල, සංස්කෘතික මධ්‍යස්ථාන වැඩපිළිවෙළ, සිංහල, ඉංගී‍්‍රසි ශබ්දකෝෂය, සිංහල විශ්ව කෝෂය සම්පාදනය සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කිරීම විශේෂ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ.

සාහිත්‍ය, නාට්‍ය, සංගීත, චිත්‍ර, මූර්ති, නැටුම් ආදී කලා ක්ෂේත්‍ර උදෙසා සම්මාන පිරිනැමීම, කලාභූෂණ උපහාර සම්මාන, අගහිඟ කලාකරු ආධාරදීම, වඩාත් පුළුල් අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකිවීම විශේෂ ඉදිරි පියවරකි.

ජනාධිපතිතුමනි,

දෙවැනි පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරන මේ අභිමානවත් මොහොතේ ඔබතුමාට චිරං ජයතු !