අභියෝග ආශීර්වාදයක් කරගත් නායකයා

අභියෝග ආශීර්වාදයක් කරගත් නායකයා

දේශයේ පොදු ඉරණම දුර්භාග්‍ය සම්පන්න දිසාවකට නැඹුරු වෙමින් ත්‍රස්තවාදයේ බියකරු රකුසාගේ මුව තුළට පතිතවීමට ආසන්නව පැවති තීරණාත්මක මොහොතක දේශයේ පිනට රාජ්‍ය නායකත්වයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නොවන්නට මෙසිරිලක එකම අමු සොහොනක් වී තුන් බියෙන් තැතිගත් දෙවැනි විශාලාව වන්නට හොඳටම ඉඩ තිබිණි.

සිය උදාර පියතුමන් වූ ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ පරහිතකාමී ජනතා සේවයෙන් මැනවින් පන්නරය ලැබූ මහින්ද රාජපක්ෂ මැතිතුමා 1970 දී එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ළාබාලම ජනතා නියෝජිතයා වශයෙන් යුග මෙහෙවරට පළමු පියවර තැබූ ආකාරය ජන හදපත්ලෙහි සදා නොමැකෙන සටහනක් තබා ඇත. නීති විද්‍යාලයට පිවිස නීතිඥයෙකු වශයෙන් සුදුසුකම් ලැබ සිටි එතුමා දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික හා සංස්කෘතික ආදී අනේක විධ දිශාවනට විහිදුණු දැනුම් සම්භාරයකින් පිරිපුන් කුසලතා පූර්ණ නායකයෙකු වශයෙන් දේ්ශපාලන පිය ගැට පෙළෙහි මුදුන් හිනිපෙත්තට නැගුණා පමණක් නොව කෘතවේදී පොදු මහ ජනතාව විසින් ඔසවා තබන ලද්දේම විය.

තමන් නියෝජනය කළ පක්ෂයේ නායකත්වය නොමැතිව පවා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව වාර්තාගත විජයග්‍රහණයක් ලැබීම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞරුෂත්වය හා ජනහිතකාමිත්වය මොනවට කියාපාන්නකි. තමාට එරෙහි ව නැගී ආ සියලු අභියෝගයක් ම ආශීර්වාදයක් කොට ගත් දේශීය මෙන්ම විදේශීය සියලු බලවේග ස්වකීය යහ පාලනයට රුකුලක් මිස අකුලක් නොවන්නට හැඩ ගස්වා ගනු සමත් වූ මෙතුමෝ සැඩ සුළඟින් නොසැලුණු සුනෙර මෙන් අකම්ප්‍ය වූහ.

“අත්තනෝ කම්ම කුබ්බානං - තංජනෝ කුරුතේපියං” යන සම්බුදු වදනින් ප්‍රකාශිත පරිදි “තමාට පැවරී ඇති වැඩ කොටස මැනවින් ඉටු කරන තැනැත්තේ සියල්ලන්ට පි‍්‍රය වන්න් ය.” යන සදාතනික සිද්ධාන්තය ප්‍රකට කරවමින් සිය සුසුම, වදන, දහඩිය සහ කඳුල ජනතාව වෙනුවෙන් ම කැප කළ මේ උදාර පුණ්‍යවන්ත ලංකේශ්වරයාණන්ගේ පදවිප්‍රාප්තිය සහ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාණන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පෙරටු කොට ගත් මේ හෘදයාංගම ආශීර්වාදය පුද කරමු.