සැවොම එක්වෙමු එක්ව නැගිටිම

සැවොම එක්වෙමු එක්ව නැගිටිම

අපේ තරුණ කාලේ ගෙවුනේ බියෙන් සැකෙන් කොයිවෙලාවේ ජීවිතය අනතුරේ දැයි කියන බිය සැක සහිතවයි. මුළු ජීවිතයම ගතවුනේ රට තුළ ඇති වූ අපේම අය ඇතිකළ භීෂණ හා වර්ගවාදී සිදුවීම් වලින් නිරතුරුවම අපේ මනස බලවත් ලෙස පීඩාවට පත් විය.

ඒ පෞරුෂය අප වෙනුවෙන් ඉදිරිපත් වීම ජාතියේ පිනකි. කෙළින් තීරණ ගැනීම රටක පාලකයා සතුවිය යුතු උතුම්ම ගුණාංගයකි. එය අපේ වර්තමාන නායකයාට, පාලකයාට තිබිණි. බියසැක දුරුවිය. යුද්ධය නිමාවිය. අපි සැවොම සªතටින් සාමදානයෙන් අද කාලය ගත කරමු.

සෘජුවම යුද්ධයට දායක වීමට මට නොහැකි විය. ඒත් කලාකරුවෙකු ලෙස “ආයුබෝවේවා මහරජාණෙනි” ගීතයට නර්ථනය අධ්‍යක්ෂණය කරමින් යුද ජයග්‍රහණ රට වැසියා සමග බෙදාහදාගන්නට මම ද හවුල් වුනෙමි. “ජය ජය වේ” ප්‍රසංගය එතුමාගේ ශක්තිය පෞරුෂය සහ ඉදිරි දැක්ම ලෝකයට පෙන් වූ වෙමි. “අපි එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවා ලමු” පුංචි තිරයට එන්නේ මේ ශක්තියෙනි.

කුඩා දරුවන්ට ආදරය කරන ඔවුන්ගේ අනාගතය සුභවාදී පිරිසුදු සිතින් දකින එතුමා ආදර්ශමත් ක්‍රියාවන් රැසක් සිදුකළේය. ඒ අතරින් මතට තිත ප්‍රධාන තැනක් ගත්තේය. මත පවුල විනාශ කරන ප්‍රධාන සාධකයයි. කුඩා දරුවන්ට ඒ පිළිබඳව දැනුවත් කරමින් වැඩිහිටි තරුණ පිරිස මෙම මත් රකුසාගෙන් ඈත් කරමින් ගෙන යන මේ ව්‍යාපාරය, ආඩම්බරකාර තාත්තාගේ වැඩක් වීම අප සතුටට පත්විය යුතු කාරණයකි.

තරුණ දියණියන්ට තමන් හැසිරිය යුතු ආකාරය, රැකගතයුතු ගෞරවය සහ වැඩිහිටියන්ට සැලකීම, පරමාදර්ශී චරිතයක් බවට පත්වීම නිතරම එතුමා අතින් දරුවන්ට ලැබෙන අවවාදයයි.

එතුමා ඉදිරියේ අප කණ්ඩායම් නර්ථනය ඉදිරිපත් කරන හැම අවස්ථාවකම අප නටන්නේ,

අපට නටන්න කලාකරුවන්, ඉගෙන ගන්න, වැඩකරන්න කොටින්ම සාමයෙන් කාගෙන්වත් කරදරයක් නැතිව ජීවත් වෙන්න මේ රටට හදපු මහා පින්වතා ඉදිරියේ නේද යන සිතිවිල්ල අප තුළ හැෙඟයි.

මා නර්තන ශිල්පියෙකු ලෙස ලොව දැක ඇත්තෙමි. ජනාධිපති තුමනි ;මරට එක්සේසත් කළා සේම මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්න ඔබතුමාට ශක්තිය ලැබිය යුතුමය. යුද්ධය අවසන් කරන්න ඔබ තුමාට ලැබුණ මහා ශක්තිය මෙරට ලොකයේ සුපිරි රටක් ලෙස අපට පත්කර දෙන්න. අපට අපේ දරුවන්ට අනාගතයේ උපදින්න සිටින දරුවන්ට මේ පුණ්‍යභූමිය ඔබතුමාගේ ස්පර්ශයෙන් ඒකාලෝක වේවා. “සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරපුරක්” කරනු මැනවි.