පර සතුරන්ට කවදත් දුන්නැති තොත්තු

පර සතුරන්ට කවදත් දුන්නැති තොත්තු
ලක් අම්මගෙ පුතෙක් ඔබ ලොව පිළිගත්තු

ජාතික විජාතික ආවත් බලවේග
ඔබ නොසැලී ගියා ඒවා කරයාග
තුංදොස් කිපී සමහරෙකුට තිබුරෝග
සමනය කළා ඔබ දෙවියෙකු ලෙසමේග

ජනපතිතුමනි ජනපති පදවියට වඩා
ඔබ පණ දෙවෙනි කොට මේ මව් බිමට කුඩා
කළ ආදරය ලක්මව දන නොකර විඩා
ඉතිහාසය කියයි ඒ ගැන මොටද දොඩා

ඔබගේ උපන්දින සමරා පදවි
යනවිට ගියා සිටි පරසතුරන් වඳවී
තුන්කල් බලා ඔබ කළ සැලසුම් හොඳවී
දසමහ යෝධ බල ඔබ ළඟ ඇත කැඳවී

මහ ජාතියේ අය දානා විට තප්පු
සුළු ජාතියේ කියා අසරණයින් හැප්පූ
උදවිය නැතිවුනා බොරුවට බඩ පිප්පූ
ලෝකය දනී තිබු රන් කහවනු හෙප්පූ

ආගම්, ජාති, කුල මග නොබලා පක්‍ෂ
පින්බර පියෙකු ලෙස මේ රට තුළ දක්‍ෂ
මානව හිතවාදි ගුණයෙන් එළි බැස්ස
ඔබ කප්රුකකි රටටම විය වී බිස්ස
සිතියම ගත් විටදී අප දවසක ලෝක
ලංකාවද කියා නොසිතෙයි රට මේක
කලු ඉංගිරියාවේ සද ඇති අය කෝක
කීවත් නොවේ ඔබ අමතක කිසිදාක

නැව් මග ගුවන් මග ලෙස මහ මග හැදුව
මතු පරපුරට මේ මව් භූමිය පිදුව
ඔබ කළ මහඟු පින සිරිලක් මව වැදුව
අප සනසන මැනවි යළි දවසක බුදුව

කොළඹට කිරි ගමට කැකිරිය කියපු කතා
ඔබ බොරු කළ නිසා බය වී සිටිති ඇතා
උතුරේ නැඟෙනහිර හැම ජාතියම ගොතා
සැදු මල්දමට ආසිරි දෙමු ජයම පතා

රට හැදුමට පෙරදි හැදූ හන්දා මිනිසා
පොදු ජනතාව ඇත ඔබෙ හදවත සනසා
ආසිරි දිගාසිරි මැද සතුරන් වනසා
රට දැය රකිනු මැන එම උවදුරු විමසා

බිය වද්දා ලොවම අනසක දරාපු
කොටි හඬ නිසා සාමෙට මුල පුරාපු
හැම ජාතියම රට එකමුතු කරාපු
ජනපති රත්තරං වාගෙයි පෙරාපු

දහ අට වෙනිදාට ලොව තුල නොවැම්බරේ
ඔබ ගැන කියයි අප හට දින කැලැන්ඩරේ
යන මග ජය සතුට එනු ඇත හෙමෙන්සැරේ
සමරමු උපන්දින ඒකයි කතන්දරේ

යුගයෙන් යුගය දකුණේ බිහිවුන පුත්තු
බිම ඇනලා තිබේ අලි සහ දළ ඇත්තු
පර සතුරන්ට කවදත් දුන්නැති තොත්තු
ලක් අම්මගෙ පුතෙක් ඔබ ලොව පිළිගත්තු

හද්දා වන්නියේ රණවිරු මළ ගෙදර
ඔබ හෙලු කඳුලු නෑ හිත මිතුරන් අතර
කාගෙත් ඇති නිසා ජනවහරේ පැතිර
හැම මැතිවරණයේදිම වැඩි වී ඇත කතිර

වෙඩි වරුසාව මල් වරුසාවක් වීමෙන්
හැම ජාතියම රට තුළ දැන් ඇත සාමෙන්
සමහරු දැඟලුවත් එන්නට බල කාමෙන්
ජනපති දිනේවා ජන හදවත් නාමෙන්

ගොවි කම්කරුවන්ට දෙපයින් නැගිටින්න
රැකියා පෝලිමේ දිග අඩුකර දෙන්න
ඔබ ගත් දිරිය රට නිසි තැනකට ගන්න
මිනිසුන් දනී ඒ කළගුණ සලකන්න