තිස් වසරක යුද්ධයෙන් රට නිදහස් කරගත්තා

තිස් වසරක යුද්ධයෙන් රට නිදහස් කරගත්තා

එන්.සොසීන්ද්‍ර හඳුන්ගේ පුරපති මාතර මහ නගර සභාව

ජනාධිපති දෙවන පදවිප්‍රාප්තිය හා ජනාධිපති ජන්ම දින සැමරුම වෙනුවෙන් මාතර මහ නගර සභාවේ පුරපති වශයෙන් බල ප්‍රදේශයේ පුරවැසියන් වෙනුවෙන් ජනාධිපතිතුමන්ට සුබපැතුමක් එක්කරන්නේ ගෞරවයෙනි.

අද අප රටේ යුද්ධය නිමාකලා පමණක් නොව, භෞතික සංවර්ධනය හා මානව සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවරයන් රාශියකි. පරම්පරා දෙකක උතුරේත් දකුණේත් ජනතාව සාහිත්‍යයට, රස වින්දනයට තබා තිබූ නැවතුම නැවුම් හුස්මක් සමඟින් නැවතත්, මිනිසුන්ට සිතන්නට, ලියන්නට, කියන්නට කාලයක් පැමිණ තිබේ. වසර ගණනාවකට පසු නව සාහිත්‍යාංග රාශියක්, නිර්මාණකරුවන් බොහෝමයක් ලාංකේය ජන සමාජයෙන් බිහිව තිබෙන්නේ ලැබූ නිදහසෙන් පණ ලබන ජාතියක අභිමානය පසක් කරමිනි.

සාම්ප්‍රදායික ලෙස ජනයා පුරුදු පුහුණු වී ඇති විවේචන තිබුණත්, විචාරශීලී කතිකාවන් මඟින් ජන අවශ්‍යතාවයට මුල්තැන දෙමින් සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් තබා ඇති පියවරයන් බොහෝ ය. භෞතික වශයෙන් අධිවේගී මං මාවත්, ජාත්‍යන්තර මට්ටමේ ගොඩනැඟිලි, වාණිජ්‍ය පුරවරයන් දිවයිනේ උතුර දකුණ දෙකොන එක ලෙස නිර්මාණය වෙමින් පවතී. මිනිසුන් වශයෙන් සහෝදරත්වය සබැඳියාව මෙන්ම මානව හිතවාදය සමඟින් ආසියාවේ ආශ්චර්යය කරා මේ පුංචි දිවයින ගෙන යන නිසාම දිනෙන් දින ජනාදරයට පත්වෙන ජනාධිපතිවරයෙක් සමග රටේ පුරවැසියන් අලුත් ගමනක් ආරම්භ කොට තිබේ. එලෙසම ජාත්‍යන්තර ප්‍රජාව නිරන්තරයෙන් පසුගිය කාලයේ අප කෙරෙහි තැබූ අවිශ්වාසයට වඩා වර්තමානයේ අප රට තුළ සිදුවන භෞතික හා මානව සංවර්ධනය සියැසින් දැක අප රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අපි ලබමින් තිබෙන ජයග්‍රහණයන් ද බොහෝ ය.

මිනිසුන් අලුතින් සිතන්නටත්, අලුතින් ලියන්නටත්, කියන්නටත් ආරම්භ කර තිබේ. ලැබූ නිදහස තුළ නිරවුල් චින්තනයකින් ස්වයංපෝෂිතවන ශ්‍රී ලාංකේය ජනතාවක් වත්මන බිහිවෙමින් තිබේ. මෙකී චින්තනයන් මිනිසුන් තුළ පහළ වන්නේ රටක ගමන පිළිබඳව තිබෙන විශ්වාසය සමඟිනි. අලුතෙන් සමාජීය සමාජ සංවාද ආරම්භ කොට තිබේ. බටහිර විද්වතුන් පවසන ‘යුද්ධයෙන් පසු තවත් යුද්ධයක ආරම්භයය’ යන කියමන සාවද්‍ය කරන්නට අප රජය මඟින් නිරන්තරයෙන් සිදුකරන උතුර දකුණ සිත් යා කරන වැඩසටහන් මෙන්ම උගත් පාඩම් තුළින් ඵලදායී ස්ථිරසාර සාමයක් උදාකරගත හැකි වැඩපිළිවෙළ රැසක් ආරම්භ කොට ඇත්තේ නැවත කිසි දිනෙක යුද්ධයේ අඳුරු ශාපය මේ ;දරණට පතිත නොවන්නට මූලික අඩිතාලම සපයමිනි. සමාජය තුළ තිබූ පන්තිබේද දුරලමින් එකිනෙකා අතර තිබුණු සමාජ කුලල් කාගැනීම් අද අඩුවෙමින් තිබේ. අනුන්ට අතනොපා තමන් විසින් තමන්ගේ ජීවිතය සුවදායී කරගැනීමේ සිතුවිලි ජන මනසට ඇතුළුවී තිබෙන්නේ රටේ අනාගතය පිළිබඳ සුබ සිහින දකින රාජ්‍ය නායකත්වයේ දූරදර්ශී වැඩ පිළිවෙල නිසාවෙන්මය. මේ සියල්ලම අපට ලැබී ඇත්තේ රටේ රාජ්‍ය නායකත්වය ජන අවශ්‍යතා තේරුම් කරගත් සහ ඒ සමඟින් බැඳුනු ගමනක යෙදෙන බැවිනි.

1991 වසරේ එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය ගමන වෙනස් කරන්නට මාතරින් අප ගමන් ආරම්භ කළෙමු. එදා මෙදා තුර පැවති සෑම මැතිවරණයකදීම පොදුජන එක්සත් පෙරමුණ වශයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් අප දේශපාලන සංවිධාන ශක්තිමත් වෙමින් රජයේ ගමන් මඟට ශක්තියක් වුණෙමු. කිසිදා තුන්වන ලෝකයේ රටක් යන නාමයෙන් ඔබ්බට යා නොහැකි යැයි සහ කිසිදා ණය බරින් ගොඩ ආ නොහැකි රටක් යැයි ජන මනසට විවිධ නායකත්වයන් පොවා තිබූ පහත් චින්තනය වෙනස් කරන්නට අප මාතරින් ගත් පියවර පිළිබඳ සතුටු වන්නේ අදවන විට එය යථාර්ථයක් කරන්නට අප ජනපතිතුමන් සමත්වී ඇති නිසාවෙන්මය. සියල්ල සමඟින් නව සංවර්ධනය මාතරට ගෙන එන ගමනේ අධිවේගී මාර්ග මාතරට ගමන් කරද්දී විවිධ පිරිස් ගෙන ආ විරෝධතා මෙන්ම විවිධ දේශපාලන යාන්ත්‍රණ නිබඳව එල්ල කරන චෝදනා මැද අන් කවරදාටත් වඩා දැඩි බැඳීමකින් හා විශ්වාසයකින් යුතුව නව රාජ්‍ය නායකයා කෙරෙහි විශ්වාසය තබමින් ගමන් කිරීමට මාතර ජනතාව සමඟ මා කටයුතු කළෙමි.

රටක රාජ්‍ය නායකයෙක් ඉතිහාසයේ පළමු වතාවට තම පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ අයුරින් තබා ගනිමින්, වෙනස් නොකරමින් දෙවන ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කර ඇත. සෑම ජන කොට්ඨාසයකටම එක ලෙස ප්‍රතිලාබ සැලසෙන හා නිවැරැදි සංවර්ධනයක් කරා රට ගෙන යා හැකි එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තම උපන් ගම්බිම්ද, ලියා තබමින් එය රටේ ඉහළ තැනට ඔසවා තබන්නට සටහන් කර ඇත්තේ උපන් බිමට ඉටුකළ යුතු මෙහෙවර අමතක නොකරමිනි. මාතර අපට එය ආඩම්බරයකි.

මාතර පුරවැසියන් වශයෙන් පසුගිය වසර ගණනාවකදීම විවිධ අවස්ථාවල තැබූ සෑම මැතිවරණයකදීම රජයට විශිෂ්ට ප්‍රතිඵල අත්කරදීමට නොපසුබට වූයේ රාජ්‍ය නායකත්වය සහ රජයේ ක්‍රියා කලාපය පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය හේතුවෙන් බව තව තවත් කිවයුතු නොවේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ද, එකී විශ්වාසය අනුව රජය ශක්තිමත් කිරීමෙහිලා ඉහළ ජනවරමක් හා විශ්වාසයක් මාතර පුරවැසියන් විසින් තැබුවේ ලබන සංවර්ධන ප්‍රතිලාභ තව තවත් වැඩි වශයෙන් ලැබෙන බව දන්නා නිසා ය. එය ඉටුකිරීමට රාජ්‍ය නායකත්වය ද, නිරන්තර සූදානමින් සිටින බව ජනතාව ;හාඳාකාරවම දනී.

ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් සංවර්ධන කටයුතු රාශියක් ආරම්භ කරන්නටත්, ආරම්භ කළ ව්‍යාපෘති නිමා කරන්නටත් කටයුතු කරමින් පවතී.

එහිදී මාතර අභිමානය හා ගෞරවය ගොඩනැඟෙන වැඩපිළිවෙළකට අප ප්‍රවේශ වෙමින් පවතී.

අනාදිමත් කාලයක සිට මාතර අභිමානය පිළිබඳ දිවයින පුරා ජනතාව දැනගත් විශේෂාංග මාතර පුරවරයේ ප්‍රදර්ශනය කිරීමට හා ඒවා තව තවත් වැඩිදියුණු කිරීමට ජනාධිපතිතුමන් සමග මාතර මහ නගර සභාව සූදානමින් සිටී. ඒ ජනාධිපතිතුමන්ගේ ද ගෞරවය මාතර අප හා නිබඳව බැඳී ඇති බැවිනි.