යළි අපට ජීවිතය දුන්නේ ඔබයි

යළි අපට ජීවිතය දුන්නේ ඔබයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්ව, ප්‍රාප්තියට පිවිස සත් වසරක් පිරී තිබේ. ත්‍රස්තවාදය නිසා මේ රටේ ජනතාව කෙතරම් දුක් පීඩා වින්දාද යන්න අපි දනිමු. එහෙත් යුද්ධයේ කෲරත්වය සැබෑවට අත් වින්දේ උතුරු සහ නැෙඟනහිර ප්‍රදේශවල ජීවත්වූ සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ “මහින්ද චින්තන” ඉදිරි දැක්මට අනුව උතුරේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට අප කැපව සිටිනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොඩි තැනක සිට උසස් තැනකට පත් වූ අයෙකු, ජීවිතය ජයගත් අයෙකු ලෙසයි මා දකින්නේ. වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි එතුමා දක්ෂතාවලින් පූර්ණත්වයට පත් වූවෙක්. මානව දයාව, මනුෂ්‍යත්වය හොඳින් හඳුනන එතුමා ජාතියත් සමඟ බැඳීමෙන් සිටින නායකයෙක්.

එතුමා මේ රට බේරාගැනීමට ඥානවන්තව බුද්ධිමත්ව හා වීරත්වයෙන් යුතු නායකත්වයක් රටට ලබා දුන්නා. එතුමාට තවත් විශාල ශක්තියක් උනේ එතුමාට සහය පළ කළ සොහොයුරන්. ඔවුන්ගේ බැඳීමේ ශක්තිය රට එක්සේසත් කළා.

නායකයකු ලෙස ඔහු තුළ මා දුටු ගුණාංගයක් වනුයේ සියලු පාර්ශවයන් වැළඳගෙන ඉදිරියට යාමට ඇති හැකියාව. යථාර්ථවාදීව කටයුතු කරන එතුමා ජනතාවට යහපත සැලසෙන දෙයක් වේ නම් යමක් කැප කිරීමෙන් හෝ එය ලඟා කර දෙනවා.

එමෙන්ම මහජනතාව මුහුණදෙන ගැටලු ක්ෂණිකව හඳුනාගත හැකි වීම මෙන්ම එතුමාගේ මතක ශක්තියත් ඉහළ වීම. ඒවා ජනාධිපතිතුමන්ගේ කැපී පෙනෙන ලක්ෂණයි.

දෙමළ ජනතාව සමඟ තිබෙන මිත්‍රශීලී සහසම්බන්ධය එතුමාගේ තවත් එක් ලක්ෂණයක්. දෙමළ භාෂාවෙන් කථා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනැඟෙන්න වැදගත් කරුණක් උනා.

ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නොවී නිවැරදි, දූරදර්ශී හා ගුණාත්මක ලෙස විදේශ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට එතුමා දක්ෂයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සැසියේදී ජාත්‍යන්තර අවධානය විශේෂයෙන් අපේ රට වෙත යොමු කරවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් හේතු වූ බව පැහැදිලියි.

අපේ රටේ පසුගිය කාලයේ තිබූ ප්‍රධානතම ගැටලු දෙකක් තිබුණා. එකක් තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කිරීමයි. අනෙක ස්ථිරසාර දේශපාලන විසඳුමක් ලබා දීම.

යුද්ධය අවසන් කිරීම සඳහා එතුමා මුලින්ම එල්.ටී.ටී.ඊ සංවිධානයට ආරාධනා කළා. සාකච්ඡා මාර්ගයෙන් යම් එකඟතාවයකට පැමිණීම සඳහා. එහෙත් අවසානයේ යුද්ධ කොට විසඳුමක් ලබා දීමට එතුමා තීරණය කළා. දැන් ඉතිරි වී තිබෙන්නේ දේශපාලන විසඳුමක් ලබා දීමයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා එයට විසඳුම් ලබා දීමට එතුමා උපදෙස් දී තිබෙනවා.

යුද්ධය පවතින කාලවලදි කොටි පාලන ප්‍රදේශවල සංවර්ධන කටයුතු රජය නොකඩවා කරගෙන ගියා. ත්‍රස්තවාදින්ගෙන් රට මුදාගත් පසුවත් සංවර්ධනය කඩිනමින් සිදු කෙරෙනවා. මේ සියලු ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ ජනාධිපතිවරයාගේ නොසැලෙන නායකත්වය නිසා.

මේ රටේ සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය 1651/20 දරන ගැසට් නිවේදනයට අනුව ස්ථාපිත කෙරුණේ 2010 වසරේදී.

සියලු ජාතීන් එකට එකතු කළ අභීත නායකයා...

ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, ප්‍රාදේශීය විෂමතා අවම කිරීම, ග්‍රාමීය ක්ෂේත්‍රයේ ආදායම් හා නිෂ්පාදනය වැඩි කිරීම හා දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් එතුමා සිය දස අවුරුදු සැලැස්මට මේ අමාත්‍යාංශයේ කාර්ය භාරයද ඇතුළත් කළා.

අමාත්‍යංශය යටතේ නව තාක්ෂණය හඳුන්වා දිම, තරඟකාරී වෙළෙඳ පොළ සඳහා නව නිර්මාණ හඳුන්වා දීම, වෙළෙඳ පොළ ප්‍රවර්ධනය සඳහා පළාත් හා ජාතික මට්ටමින් වෙළෙඳ පොළ පැවැත්වීම, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර සඳහා ව්‍යවසායකත්ව හා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යනාදිය ඉතා පුලුල් වශයෙන් මේ වසර කිහිපය තුළ ඉටු කිරීමට අපට හැකි වුණා.

මේ සියලු කාර්යන් සිදු කෙරෙන්නේ “මහින්ද චින්තන” ප්‍රතිපත්තියට අනුවයි.

ග්‍රාමීය කර්මාන්ත හා නිෂ්පාදන ගම්මාන ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන හරහා නිෂ්පාදන ගම්මානවල පොදු පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් ග්‍රාමීය ප්‍රදේශවල ස්වයංරැකියාවල නිරත වුවන් සඳහා පහසුකම් සලසා දීම සිදු කෙරෙනවා.

රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘතිවලින් ලාභ නොලබන ග්‍රාමීය ප්‍රදේශවල ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අවශ්‍ය වන කුඩා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල පිහිටුවා තිබෙනවා.

අභාවයට යාමේ අවදානමෙන් යුතු හා මුලු ගැන්වී ඇති දේශීය හස්ත කර්මාන්ත අප අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නගා සිටුවීමට පියවර ගන්නා අතර දිස්ත්‍රික් හා පළාත් ප්‍රදර්ශන පවත්වා විශිෂ්ට නිර්මාණ නිෂ්පාදන ඇතුළත් කොට “ ශිල්ප 2011” ජාතික ප්‍රදර්ශනය සෑම වසරන් පාසා පැවැත්වීමට පියවර ගැනෙනවා.

“ශිල්ප” හස්ත කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත ජාතික කර්මාන්ත ජාතික සම්මාන ප්‍ර‍්‍රදානය කිරීමේ වැඩසටහන ජාතික ශිල්ප සභාව හා ලංකා කර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව කටයුතු කරනවා.

කිතුල් නිෂ්පාදන සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර කිතුල් කර්මාන්තය ආශි‍්‍රත නිෂ්පාදන වානිජ ව්‍යපාරයක් ලෙස දියුණු කිරීමටත් අමාත්‍යාංශය හරහා පියවර ගැනෙනවා.

මේ සියලු කටයුතු මෙහෙය වන අමාත්‍යාංශයට අනුබද්ධිත අනුයුක්ත කර ඇති ආයතන වන, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව, ලංකා කර්මික මණ්ඩලය, තල් සංවර්ධන මණ්ඩලය, අලිමංකඩ ලුණු ලේවාය, නෝර්ත් සී ලිමිටඩ් වැනි ආයතන හරහා මේ ජාතික සත්කාරය ක්‍රියාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු සහයෝගය ඉමහත්.

උතුරේත් දකුණේත් සංවර්ධනය එක ලෙස ක්‍රියාත්මක කිරීමට “ගම නැඟුම”, “මග නැඟුම”, “උතුරු වසන්තය”, “දිවි නැඟුම”, “අපි වවමු රට හදමු” වැනි වැඩසටහන් හරහා ජනාධිපතිතුමා සැලසුම් කොට තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සත් වැනි පදවි ප්‍රාප්තියට පත්වන මේ මොහොතේ මාගේ සුභාශිංසන පිරිනමන අතර, රටට සාමයේ අරුණළු උදා කළා මෙන් මෙරට සියලුම ජනතාවගේ ජීවන අභිවෘද්ධිය පිණිස මහින්ද චින්තන දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය රට පුරා එක ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තිය හිමි වේවායි ප්‍රාර්ථනා කරමි.