අභියෝග සොයා ගිය අපේ ජනාධිපතිතුමා

අභියෝග සොයා ගිය අපේ ජනාධිපතිතුමා

තිස් වසරක් පුරා මේ රටේ තිබූ අඳුරු යුගය නිමා කරමින් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්නට හැකි ඒ නිදහස් වාතාවරණය ඇති කර දුන්නේ ජනාධිපති තුමා බව පුන පුනා නොකියවිය යුතු යැයි මිනිස්සු කීවත් අපේ ජීවිත කාලය තුළදී මේ රටෙහි සියලු කෙළෙහිගුණ දත් ජනතාව පුන පුනා කිවිය යුතු දෙයක් බවට එය පතවී හමාරයි. යුද්දෙ දිනපු එක සුළු කොට තකන පිරිසකුත් මේ රටේ සිටිති. යුද්ධය කරගෙන යන කාලයේ දී මේ රටේ සයලු අභියෝග ඉදිරියේ දීත් නොසැලී එකම අධිෂ්ඨානයකින් රට එක්සේසත් කර ගැනීම අපේ ජීවිත කාලය තුළ නම් අපි පුන පුනා පැවැසිය යුතුමය.

මක් නිසාද එය අපට සිහිනයක්ම වී තිබූ නිසයි. මෙවන් සුබ වූ අතිගරු ජනාධිපති උතුමන්ගේ දෙවැනි පදවි ප්‍රාප්තියට සමගාමීව එතුමාගේ උපන් දිනය ලබන මෙවන් මොහොකත අප එවැන්නක් පුන පුනා මකත් කළ යුතු යැයි මම තරයේම විශ්වාස කරනවා. මේ වගේ සාමකාමී පිළිවෙතකට එන්නට හැකිවේ යැයි කියන එක සිහිනයක් බවට පත් වෙච්ච කාලයක් අපට තිබුණේ.

එවන් වාතාවරණයක් තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වූවත් ඒ සිහිනය සැබෑ කරන්නට හැකි වේවිකියන මහ විශාල බලාපොරෙත්තුවත් හිතිවල තිබුණේ නැහැ. මක් නිසාද ඉතිහාසය පුරාම දැක තිබූ පොරොන්දු දේශපාලනය තුළ දේශපාලනය ජනතාව අතරට වෙලා හිටියේ.ඒත් සාමාන්‍ය ජනතාව අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන මොකක්දෝ අදෘශ්‍යමාන සිතිවිල්ලක් තිබුණා. මෙතුමා එයි . ඇවිත් රට බේරා ගිනියි.
 

ප්‍රබන්ධ කතා

අපේ රට බේරා ගන්නට පහළ වෙච්ච දියසෙන් කුමාරයා. මේ වගේ කතා හරියට ප්‍රබන්ධ කතා හැටියට කිව්වත් ඒ තුළ මොකක්දෝ ශක්තියක් අපට නොපෙනෙන ලෙස බිහි වුණා. ඒ රැල්ල තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඔසවා ජනපති පුටුවේ තැබුවේ. නොයෙක් බලවේග තිබුණා. නොයෙකුත් විරුද්ධවාදීන් හිටියා. විරුද්ධවාදීන් කොච්චර දේවල් කිව්වත් එතුමා එතැනට ගියා. එතුමා එතැනට ආවට පස්සේ දුන් පොරොන්දු අමතක කළේ නැහැ. එතුමාට තිබුණු ඒ දුන් පොරොන්දු වෙන සමහර නායකයන් වගේ අමතක කරමින් වෙන වෙන කටයුතු වල කාලය යොදවන්න.

නමුත් එතුමා මහින්ද චින්තනයේදී දුන් 90% කටත් වඩා පොරොන්දු වලින් ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්නුවා. යුද්ධය ජයග්‍රහණය කෙරෙව්වා. 100% ක් එතුමා ඒ කර්තව්‍ය සාර්ථකවම ඉෂ්ඨ කර පෙන්නුවා. ඒ විතරක් නෙවී එතුමා කතා කළ දේවල් අතර ප්‍රමුඛ තැනක් ගත්තේ දරුවන් රටවෙනුවෙන්, මව්වරු වෙනුවෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන්, සහ ඊළඟට මහා සංවර්ධනයයි.

සංවර්ධනය ගැන කතා කරන විට මෑත ඉතිහාසයේ කොයිම දවසකවත් නොවෙච්ච විදියට ගම් දනව්වල තිබෙන පාරවල් එළි පෙහෙළි වෙලා. එදා අඩි පාරවල් වෙලා තිබුණු පාරවල් අද කොන්ක්‍රීට් අතුරපු පාරවල් බවට පරිවර්ථනය වී හමාරයි. පාලම් හැඳිලා. බෙන්තර ඇල්පිටිය පාලමට පළමු මුල් ගල තබා තිබුණේ අවුරුදු පහළොවකට කලින්.

දැන් තමයි එහි වැඩ නිමා වෙමින් තියෙන්නේ. එතකොට අවිත්තාව යා කරන්න ඕමන්ත පාලම. ඒ කියන්නේ බෙන්තර පාලම යම්කිසි විදියකින් බිදීයන ප්‍රශ්නයක් වුණොත් දකුණට යන්න තියෙන එකම විකල්ප මාර්ගය මේ ඕමන්ත පාලම හරහාය. මේ පාලම මුලින්ම මුල් ගල තියලා තියෙන්නේ අවුරුදු පනහකට ඉස්සර වෙලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ත් අවුරුද්දක් තිස්සේ මුල් ගල් තියමින් හිටියා මිසක් වැඩක් වුණේ නැහැ.
 

යථාර්ථයක්

නමුත් එය අද යථාර්ථයක් බවට පත්වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේයි. අධිවේගී මාර්ගය ගැන පසුගිය කාලේ එක් කෙනෙක් කියනවා, එයාලා මුල්ගල තිබ්බලු. මම කියන්නේ එයාලා මුල් ගල තිබූ තව බෙහෝ දෙවල් තිබුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් කඩිනමින් සංවර්ධනය කිරීමේ දක්ෂතාවය ජනපති ප්‍රමුඛ මේ රජයට හැර වෙනත් නායකයන්ට සංවර්ධනය තිබුණේ නැහැ. රට සංවර්ධන කරමින් ආසියාවේ ලස්සනම රට කිරීම ජනාධිපති තුමා ප්‍රමුඛ මේ රජයේ පරම අභිලාෂයයි. එතුමාගේ දැකිය හැකි විශිෂ්ඨතම ගුණය වන්නේ ඒ තමන් සතු ගැමිකම, මනුස්සකම, කෙළෙහි ගුණ දැක්වීම කිසිම අඩුවක් නැතිව තිබුණා.

ජනාධිපතිතුමන් තරම් පන්සලට, පූජා භූමිවලට සම්බන්ධකම් තියෙන, කිට්ටු නායකයෙක් මම අහලා නැහැ. තවමත් එතුමා ඒ ගුණය අතහැර නැහැ. අදටත් ජනපති වුණත් එතුමාගේ ඒ සංකල්පයන්හි කිසිදෙයක වෙනසක් වෙලා නැහැ.

දෙවැනිවර ජනපති වුණු බොහෝ දෙනා හිතන්නේ දැන් ඉතින් කොහොමත් එකයි කියලා. සැපෙන් සතුටෙන් ඉන්න හදන කාලෙනේ. ඒත් අපේ ජනාධිපතිතුමා එහෙම කෙළේ නැහැ. එතුමා හැම දෙයක් ගැනම හරිම උනන්දුයි. තමන්ගෙන් වන්න තියෙන යුතුකම් ගැන හැම මොහොකතම හිතනවා.

මරණයක් වුණොතින් කාගෙද කින්ද මන්ද පක්ෂ පාට එතුමා සලකන්නේ නැහැ. මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ රූපා කරුණාතිලක මහත්තයා මිය ගියා. ජනාධිපතිතුමා ඇල්පිටියට ආවා. රටට සේවක් කළ කෙනෙකු අගය කිරීමේදී එතුමාට පාට පක්ෂ වැදගත් නැහැ. සැබැවින්ම එතුමා පරමාදර්ශී චරිතයක්. උණුවෙන හදවතක් ඇති බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුයි. කව්රු මොනවා කිව්වත් හොඳ දේ හිතා බලා කටයුතු කරනවා.

අද බලන්න කලාකරුවන්ට මොන තරම් සැලකිල්ලක් දක්වන්වාද කියලා. එතුමාව පරද්දන්න ජනාධිපති කෙනෙක් අතීතයේවත් හිටියේ නැහැ. ඒ තරම්ම කලාකරුවන් වෙනුවෙන් විශේෂ ලැදියාවක් තියෙනවා. පුවත්පත් කලාවේදීන් ළඟට ගිහින් කතා බහ කරලා තමන්ගේ නිහතමානීත්වය විදහා පාමින් ඒ මනුස්සකම පෙරදැරි කරගනිමින් සිත් සතන් දිනාගත් ජනාධීපතිවරයෙක්. මෙතුමා යන්නේ කොහෙද දහස් ගණන් ජනතාව එක් රැස් වෙනවා. මේ මෑතකදී අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන්නට එන බවට උදේ පාන්දර ආරංචියක් ලැබුණා. උදේ 9.10 ට එනවා කියලා අපිත් හනිකට එතැනට ගියා. විශ්වාස කරන්න කිසිම ප්‍රචාරයක් පත්තරයක ටී.වී එකක කොහේවත් තිබුණේ නැහැ.

ඒත් ගම් නියම් ගම්වල වැඩකරමින් සිටි දහස් ගණන් පිරිසක් අතරමඟ නවත්වලා ජනපති එනවා කිව්වම දුවගෙන ආවා. තවමත් ඒ ආදරය ජනතාව තුළ එහෙම්මමයි. එයින් පැහැදිලි වෙන්නේ ජනතාවගේ හිත් තුළ ජනපති ගැන තිබෙන විශ්වාසයයි.

ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමාගේ වාසනාවට ශක්තියක් වෙන්න තද සහෝදර පිරිසක්ඉන්නවා. ඒ ගැන විරුද්ධවාදීන් මොන විදියේ දේවල් කිව්වත් එතුමාගේ ශක්තිය සියයට දෙසියයකින් වැඩි කරන්නට පුළුවන් ඒ සහෝදරයන් ට හැකියිවී තිබෙනවා...ඊටත් වඩා එතුමාගේ පුතණුවන් නාමල් රාජපක්ෂ, වයසට නෙවෙයි වැඩ වල ක්‍රියාශ්‍රීලී භාවය. වයසට වඩා මුහුකුරා ගිය කෙනෙක් විදියට කටයුතු කරමින් ජනතාව අතරට යන හැටි හරිම අපූරුයි. ගාල්ලේ මැතිවරණේ වෙලාවේ උදේ පටන් ගත්තම වේදිකා 20 ක, 30 ක එක දිගට කතා කරගෙන යන හැටි හරිම අපූරුයි.
 

සංවර්ධනය

ඒ වගේම එතුමාගේ බිරිය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රථම කාන්තාවයි. අප රට පළමු කාන්තාව හැටියට එතුමියගේ රාමුවේ හිඳගෙන අනවශ්‍ය කැපී පෙනීම් නොමැතිව බොහෝ ගෞරවාන්විතව ජනාධිපතිතුමාගේ ජනතා මෙහෙවර පසුබිමේ සිට මහත් වූ ශක්තියක් සපයනවා. මේ සියලු ශක්ති සමඟ අතිගරු ජනාධිපතිතුමාට චිරාත් කාලයක් මේ රටට විශිෂ්ඨ සේවාවන් කරන්නට තව තවත් ශක්තිය ධෛර්්‍යය පහළ වේවා!

ඒ වගේම මේ රටේ ජනතාවත් එතුමාගේ බලාපොරොත්තු වූ ඒ මහ සංවර්ධනය, දිවි නැගුම, නිවාස දසලක්ෂයේ වැඩ පිළිවෙල, 2012 ට පෙර සැමට විදුලිය මේ යනාදී ඉටු කළේ ජනතා අවශ්‍යතා මැනවින් හඳුනාගෙනය. ලෙස 100% ක් සම්පූර්ණ ආණ්ඩු හදන්නට ලෝකේ කිසිම ජන නායකයෙකුට පුළුවන් වෙලා නැහැ. මේ ලෝකේ එහෙනම් විපක්ෂය විනාශවෙලා නැතිවෙලා යාවී. රෝමය වුණත් එක රූපයකින් ගොඩනැඟුණේ නැහැ.

යුද්ධයෙන් පසු අප ලබා තිබෙන ජයග්‍රහණ සමඟ අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු අපට ද තියා ගන්න පුළුවන්. අතීතයේ සත්තු බලන්නට විතරක් යන කැලයක් විදියට හිතාගෙන හිටිය හම්බන්තොට අද වෙනස්ම ලෝකයක් බවට පරිවරතනය කරලා තියෙනවා. හම්බන්තොටට වරායක් ලැබුණා. ගුවන් තොටුපොළක් ලැබුණා. එතුමාගේ පාලන සමය ආරම්භයේ පටන් තිබුණේ පුදුමාකාර ක්‍රමවත් සැලැස්මක්. අපි ඒක දැක්කා. එතුමා මේ රට පැටලී තිබූ ගැට එකින් එක ලිහා ගෙන ආ ආකාරය සැබැවින්ම ප්‍රසංශනීයයි.
 

ද්වීතිය පාසල්

පළමුවැනි ගැටේ තිබුණේ යුද්ධය. කව්රුත් නොහිතපු විදියට එතුමා ඒක ලිහිව්වා. ඊට පස්සේ ලෝකය ගෞරවයෙන් අපි දිහා බලන්න පටන්ගත්තා. ඒ නිසාම ශ්‍රී ලංකා නාමය ඉහළින්ම රැව් පිළි රැව් දෙන්න පටන් ගත්තා. සංචාරයකයන් අපේ මේ පුංචි සුන්දර රටට එන්න පටන් ගත්තා.

අද ලක්ෂ ගණනින් ඇඳී එනවා. පාසල් 1000 ක් ද්වීතිය බවට පත් කළා. මෙවර පාසල්වලට වැසිකිලි කැසිකිලි සඳහා ප්‍රතිපාදන බෙහොමයක් ලබා දී තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා විශාල වැඩ කොටසක් ඉටු කරනවා. මේ මහින්ද චින්තනය අකුරටම ඉටු කරන අවස්ථාවක්. ලංකා වාසීන්ගේ වාසනාවට ලැබුණු නායකයෙක්. ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ දේශයේ අභිමානයයි.