අභිමානවත් යුග මෙහෙවරක් ඉටු කළා

අභිමානවත් යුග මෙහෙවරක් ඉටු කළා

අලුත් ශ්‍රී ලංකාවක් තුළ ආසියාවේ ආශ්චර්යය ගොඩනැඟීමේ උදාරතර දැක්ම පෙරදැරිව අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තියට සමගාමීව එළිදැක්වූ “මහින්ද චින්තන” නම් වූ යෝධ සංවර්ධන වැඩ පිළිවෙළට සත් වසරක් සපිරෙයි.

ඒ වෙනුවෙන් මේ මොහොතේ අපගේ සුබ පැතුම් පිරිනමන්නට ලැබීම භාග්‍යයක් කොට සළකමු.

2005 වසරේ නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති ධූරයට ජනාධිපතිතුමා තේරී පත්වූයේ සුබම සුභ උපන් දිනයක් සමඟිනි.

අපේ රට තුළ පැවති දසක තුනක යුද්ධය නිමාවට පත්කර ශ්‍රී ලංකා ධරණිතලය තුළ ආර්ථික හා සාමාජීය දියුණුවට මං පෙත් විවර කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සිය සත්වන වර්ෂපූර්ණ පදවි ප්‍රාප්තිය සමරනුයේ අතිශයින්ම අර්ථවත් වූ පසුබිමක් යටතේය.

කැඩී බිඳී ගිය රටක් , ජාතියක් එක් සේසත් කරමින් ඒකීය රටක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට නිදහස්ව, නිවහල්ව ජීවත්විය හැකි සාමකාමී වාතාවරණයක් අද දවස වන විට උදා කර දී ඇත.

එමෙන්ම මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඇසට හා ඇ¼ඟට දැනෙන සංවර්ධනයක් අද වනවිට ක්‍රියාත්මක වී ඇත. ඒ ගම නැඟුම, දිවි නැඟුම හා මඟ නැඟුම ආදී ව්‍යාපෘති යටතේය.

මේ රට තුළ යුද්ධයක් පැවැති කාලය තුළ වුවද දේශයේ සංවර්ධනය අඩාල නොවීය.

ජනාධිපතිතුමන්ගේ මූලික සංකල්පය වනුයේ පුද්ගලයා ගොඩනැංවීම තුළින් ගමත්, රටත් හදා ලෝකය ජය ගනිමුය යන්නයි. එය සැබැවින්ම යථාර්ථයක් වී ඇත.

රාජ්‍ය නායකයකු සතු ප්‍රධානතම ගුණාංගයන් වන නීති ගරුක බව, රාජ්‍ය තාන්ත්‍රික භාවය, නොසැලෙන බව, හා එඩිතර නායකත්වය යන අංග ඔබ තුළ නොඅඩුව පවතියි.

එවන් වූ ගුණාංගයන්ගෙන් පිරිපුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හැමවිටම ලෝකය ඉදිරියේ සෘජුව නැඟී සිටියි. ලොව දියුණු රටවල ආර්ථිකය දවසින් දවසම කඩා වැටෙත්දී අපේ රටේ ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත.

එම තත්ත්වයට ප්‍රධානතම හේතුව ලොව අන් කිසිදු රටකට පහසුවෙන් උදාකරගත නොහැකි වූ සාමය අප රටට උදාකරලීමයි.

අභිමානවත් යුග මෙහෙවරක පදවි ප්‍රාප්තියට සත්වසරක් සපිරීම නිමිත්තෙන් අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නෙමු.

තවදුරටත් නිදහස් නිවහල් ජන පිරිසක්, නිල්ල පිරුණු රටක්, අටු කොටු සපිරුණු හෙටක් මෙන්ම දැහැමි සමාජයක් ගොඩ නඟන්නට ඔබ තුමන්ට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි යන්න අපගේ සුභාශිංසනයයි.