කිරි ගොවියා ශක්තිමත් ප්‍රතිලාභියකු කෙළේජනාධිපතිතුමායි

කිරි ගොවියා ශක්තිමත් ප්‍රතිලාභියකු කෙළේජනාධිපතිතුමායි

ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එතුමන්ට දීර්ඝායුෂත් අප ශ්‍රී ලංකාද්වීපය ධනයෙන්, ධාන්‍ය යන් ආඪ්‍ය වූ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට හේතු වාසනා වේවායි ඉතසිතින් ප්‍රාර්ථනය කරමි.

මහින්ද චින්තනයෙන් ආරම්භ කර ඉදිරි දැක්ම තුළින් විශාල පරිවර්තනයක් කිරීමටත් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමටත් පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමා්‍යංශය ගෙන යන වැඩ පිළිවෙළද ඉතා වැදගත් කාර්ය භාර්යක් ඉටු කරනු ලැබේ.

ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වූ දියර කිරි ප්‍රචලිත කිරීම සහ ස්වයංපෝෂිත කිරීම අද ඉටුවෙමින් පවතී.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් (රුපියල් මිලියන 30,000 පමණ) කිරි පිටි වෙනුවෙන් වාර්ෂිකව දැරීමට රජයට සිදුව ඇත. මෙයට මහින්ද චින්තනය තුළ වැදගත් තීරණයක් ලබා දී ඇත. එනම් රුපියල් 30 තිබූ කිරි ලීටරයක මිල රුපියල් 40 දක්වාත්, 2010 අයවැය ලේඛණය තුළින් එය රු 50 දක්වාත් වැඩි කිරීම තුළින් කිරි ගොවියාගේ ආදායම වැඩි කර ඔහු ශක්තිමත් ආර්ථික ප්‍රතිලාභියකු බවට පත්කිරීමයි. එහෙයින් රට තුළ කිරි නිෂ්පාදනය සඳහා විශාල ඉල්ලුමක් දක්නට ලැබේ.

එසේම ගම් මට්ටමේ තරුණ තරුණියන්ට හා කිරි ගොවීන් සඳහා නිවසේදීම එදිනෙදාට අවශ්‍ය යෝගට්, බටර්, හා චීස් නිෂ්පාදන වැඩ සටහනක් සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හරහා නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හී ක්‍රියාත්මක කළෙමු. ඒ සඳහා ද හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇත.

මෙවර අය-වැය ලේඛනයෙන් පශු සම්පත් දියුණුවට එනම් ගවයන් සංඛ්‍යාව වැඩි කිරීම, කිරි ගොවි ගම්මාන ඇති කිරීම සහ ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා විශාල මුදලක් මෙවර අයවැය ලේඛණය තුළින් ද වෙන් කිරීමට කටයුතු කර ඇත.

අප අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් ජනාධිපතිතුමාගේ ඒ උතුම් බලාපොරොත්තුව සාක්ෂාත් කර ගැනීමට අප අමාත්‍යාංශය තුළින් දිය හැකි ශක්තිය ලබා දීමට ඇප කැප වෙමු.


දේශයේ අභීත ජන නායකයා

එක්සත් ශ්‍රී ලංකාවේ අනභිභවනීය ජන නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති සැමරුම වනුවෙන් මා හටද පණිවිඩයක් ලබා දීමට හැකි වීම මා ලද භාග්‍යයක් සේ සලකමි. වැඩ කරන ජනතාව වෙනුවෙන් ඇප කැප වූ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිතුමා මෙම රටේ නායකයා වීම අප රටේ වැඩ කරන ජනතාව ලැබූ ජයග්‍රහණයකි.

එක්දහස් නවසිය හැත්තෑව වසරේ එවකට කම්කරු ඇමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ප්‍රඥාප්තිය ගෙන එමින් වැඩ කරන ජනතාවට සිය අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළ ද එය අකාමකා දමන්නට එවකට බොහෝ පිරිස් කටයුතු කළ ද යළිත් එම ප්‍රඥප්තිය ගෙන එමින් බලාත්මක කර කම්කරු ජනතාවට කළ අමිල මෙහෙවර කිසිදු කලෙක අමතක කළ නොහැකිය.

දක්ෂිණ ලංකාවේ පුරෝගාමී දේශපාලන නායකයකු වූ ඔහුගේ පියාණන් වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මැතිඳුන් අප රටට බිහි කරන ලද මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ දේශපාලන ජීවිතයේ නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් අද මෙම රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන විදෙස් කුමන්ත්‍රණයන්ට නොසැලී මුහුණ දෙමින් තම රට ආරක්ෂා කරන ඉතා ධෛර්යමත් අභීත නායකයෙකි. දශක තුනක කාලයක් තිස්සේ අප රටේ ජනතාව බිලිගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය මුදාගෙන අද රටේ ජනතාවගේ නිදහස් ජන ජීවිතය උදෙසා ඇප කැප වී අති විශාල මෙහෙවරක් ඉටු කරන අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරන අතර ඔබගේ සාර්ථක ඉදිරි ගමන සඳහා මුළු හදවතින්ම සුබ පතමි.