සියලු පුරවැසියන්ට සමාන අවස්ථා සැලසීම අපේ දැක්මයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 නොවැම්බර් 21 පාර්ලිමේන්තුවේදී.




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මොරටුවේ සුවිසල් නිවෙසකින් බිලිඳුන් 75ක් හමුවේ

ළමා ආරක්ෂක අධිකාරියෙන් හදිසි පරීක්ෂාවක්

ගැබ්ගත් කාන්තාවෝ විස්සක්

විදේශීය කාන්තාවකගෙන් ප්‍රශ්න කරයි

ගැබිනි මාතාවන් සහ දරුවන්ට රැකවරණය ලබා දෙන බව කියන මොරටුව රාවතාවත්තේ පිහිටි මධ්‍යස්ථානයක් ඊයේ (23) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරීක්‍ෂාවට ලක්විය. ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනියට 1929 ළමා උපකාරක දුරකතන සේවාව ඔස්සේ ලැබුණු තොරතුරක් අනුව එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සහ අධිකාරියේ පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානය ඊයේ දහවල් පරීක්‍ෂා කැර ඇත. මෙම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී එහි ළමයින් 75කට අධික පිරිසක් සිට ඇත.

විස්තර »

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය ලේක්හවුස් ආයතනය සමග එක්ව නිකුත් කරන ‘රන්දිය’ මාසික අතිරේකය එළිදැක්වීම ඊයේ (24) ලේක්හවුස් ආයතනයේදී සිදු කෙරුණ අවස්ථාවේදී ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා එහි මුල් පිටපත ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්‍ෂ මහත්මියට පිරිනමන ලදී. මෙය සෑම මාසයකම තුන්වැනි බදාදා ‘දිනමිණ’ සමඟ නිකුත් වෙයි. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතා ද මෙහි සිටියි.
ඡායාරූපය - ලලිත් සී. ගමගේ

ජාතිකත්වය ගොඩනැඟීමට විශේෂ කාරක සභාවක් පත් කරන්න

යෝජනාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ ගත කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. සියලු ජනතාවන් විසින් ස්වකීය අනන්‍යතා ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවණීය හා ආරක්ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් නිර්මාණය කිරීමට මේ තේරීම් කාරක සභාව පිහිටුවීමට යෝජනා වී තිබේ.

විස්තර »

දීඝවාපිය ප්‍රදේශයේ මසක පමණ කාලයක් තිස්සේ අලි රෑනින් ඉවත් වී ගම්මානයේ සැරිසරමින් සිටි වයස අවුරුදු තුනක් පමණ වන අලි පැටියකු අම්පාර වන ජීවි නිලධාරින් විසින් (23) උඩවලව ඇත් අතුරු සෙවණට යැවිමට අල්ලා ගන්නා ලදී. මේ අලි පැටියා ගම්මානයේ හේන්වල සහ නිවාස අසන්නයේ සැරිසරමින් වගාවන්ට හානි සිදුකරමින් සිටි බව ගමිවාසින් පවසා සිටි. අම්පාර වන ජීවි කර්යාලයේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා කියා සිටියේ අලි පැටියා නිරෝගි සුවයෙන් සිටින බවත් අලිපැටියාගේ ආරක්ෂාව සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට යැවිමට කටයුතු කරන බවත් ය.
ඡායාරූපය - දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දින හතරක් ඇතුළත කෝටිපතියන් පස්දෙනෙක්

දින හතරක් ඇතුළත කෝටිපතියන් පස් දෙනෙකු බිහි කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය ඉතිහාසය ගත වාර්තාවක් තබා තිබේ. පසුගිය ඔක්තෝබර් මාසය තුළ මේ සිද්ධිය වී ඇත. එහිදී ත්‍යාගලාභීන්ට ලබා දී ඇති මුදලේ වටිනාකම කෝටි දහය ඉක්මවයි. ජාතික ලොතරැයි මණ්ඩලය 2011 වසරේ ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා දිනුම් අදිනු ලැබූ ලොතරැයි තුළින් බිහි කරන ලද කෝටිපතියන් ප්‍රමාණය විසි එක්දෙනෙකි. 

විස්තර »

 

පරීක්ෂාවට ලක්වූ රාවතාවත්තේ පිහිටි සුවිසල් නිවෙස  මධ්‍යස්ථානයේ ළමයින් රඳවාගෙන සිටින අයුරු

ඡායාරූප - රාවතාවත්ත සමූහ රෝහණ ද සිල්වා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
යූ.ඇන්.පියේ උප නායක පදවි ලද
‘කරු’ සහ ‘සජිත්’ දෙදෙනගෙ ඇස්වලට විද
‘නායක පයින්ඩය’ දුන් හැටි පෙනෙන වද
ජෝන් බාස්ට ම ගොස් ඇත නිලය අද