මුද්‍රණය සඳහා

 
මුහුදු නයෙක් දෂ්ට කිරීමෙන් අයෙක් මරුට

මුහුදු නයෙක් දෂ්ට කිරීමෙන් අයෙක් මරුට

මීගමුව කොච්චිකඩේ මුහුදේ දිය නාමින් සිටි තිදරු පියකු හට මුහුදු නයකු දෂ්ට කිරීමෙන් මිය යාමේ සිද්ධියක් කොළඹ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියෙන් අනාවරණය විය.

මෙසේ මිය ගොස් ඇත්තේ පෝරුතොට කොච්චිකඩේ 166/20/ඒ ලිපිනයේ පදිංචිව සිටි නාගූර් පිච්චෙයි බ්‍රහර්දීන් නැමැති 40 හැවිරිදි අයෙකි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා විසින් ඉකුත් 19 දින සිදු කරන ලදී.

වෛද්‍ය වාර්තා හා සාක්‍ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙම මරණය මුහුදු සර්පයකු දෂ්ට කිරීමෙන් (නයකු) සිදුව ඇති බවට නිගමනය කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]