ජාතිකත්වය ගොඩනැඟීමට විශේෂ කාරක සභාවක් පත් කරන්න

ජාතිකත්වය ගොඩනැඟීමට විශේෂ කාරක සභාවක් පත් කරන්න

යෝජනාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ ගත කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ.

සියලු ජනතාවන් විසින් ස්වකීය අනන්‍යතා ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවණීය හා ආරක්ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් නිර්මාණය කිරීමට මේ තේරීම් කාරක සභාව පිහිටුවීමට යෝජනා වී තිබේ. එසේම එවන් එක්සත් බවක් තුළින්  රටේ මෙන්ම සමස්ත ජනතාවගේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමද මෙහි තවත් අරමුණකි.

ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, බැසිල් රාජපක්ෂ, ආරුමුගම් තොන්ඩමන්, පාඨලී චම්පික රණවක, ඩග්ලස් දේවානන්දා, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී. ඒකනායක මහත්වරුන්ද මන්ත්‍රීවරුන් වන පී. පියසේන, ඒ. එච්. එම්. අස්වර් මහාචාර්ය රජීව විජේසිංහ මහත්වරුන්ද මේ යෝජනාවට අස්සන් කොට තිබේ.

ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් 19 ක් සහ විපක්ෂයේ සාමාජිකයන් 12 ක් ඇතුළත් වන පරිදි සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විතව මේ තේරීම් කාරක සභාව පත් කිරීමට නියමිත අතර කථානායකවරයා විසින් මේ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා පත් කෙරෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා