දෙමටගොඩ වෙළෙඳ සංගම් සභාපති මීගමු නගරයේ දමා ගිහින්

දෙමටගොඩ වෙළෙඳ සංගම් සභාපති මීගමු නගරයේ දමා ගිහින්

දෙමටගොඩ දී වෑන් රියකින් පැහැර ගත් දෙමටගොඩ වෙළෙඳ සංගමයේ සභාපති ලලිත් කුමාර මහතා පෙරේදා රාත්‍රි (22) මීගමුව නගරය ආසන්නයේ මාර්ගයක දමා ගොස් තිබේ.

පැහැර ගත් කණ්ඩායම ඒ මහතාට මරණ තර්ජන එල්ල කරමින් පහර දී ඇතැයි පොලිසිය පවසයි.

දෙමටගොඩ නගරයේ මහ පරිමාණයෙන් මාලු වෙළෙඳාම සිදු කරන ලලිත් කුමාර නැමැත්තා මාලු ගෙනඒම සඳහා පෑලියගොඩ ප්‍රදේශයට ගොස් ඇති අවස්ථාවේ සන්නද්ධ කණ්ඩායමක් වෑන් රියකින් පැමිණ ඔහුව පැහැර ගෙන තිබුණි.

මෙයට විරෝධය පාමින් විශාල පිරිසක් දෙමටගොඩ නගරයේ උද්ඝෝෂණයක ද නිරත වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා