සිසුවියක පැහැරගෙන අතවර කළ සැකකරු අවුරුදු එකොළහක් හිරේ

සිසුවියක පැහැරගෙන අතවර කළ සැකකරු අවුරුදු එකොළහක් හිරේ

රුපියල් 7500 ක දඩයක් ගෙවන්නත් නියම වේ

පැමිණිල්ලේ චෝදනා සැකයෙන් තොරව ඔප්පු වුණා - විනිසුරු

දැරියට රුපියල් පනස්දහසක වන්දියක්

16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ අයකුට කළුතර මහාධිකරණ විනිසුරු සරත් එදිරිසිංහ මහතා වසර 11 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 7500 ක දඩයක් ද නියම කළ අතර, අතවරයට පත් දැරියට රුපියල් පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියම කළේය.

නියම කරන ලද වන්දි මුදල හා දඩ මුදල නොගෙවන්නේ නම් වසරක් බැගින් ලිහිල් සිරදඬුවම් නියම කරන බව ද විනිසුරුවරයා පැවැසීය.

මෙසේ දඬුවම් නියම වූයේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ වීරසිංහගේ දොන් සුජිත් වීරසිංහ නම් වූ අයටය.

1996 සැප්තැම්බර් මස 12 වැනි දින 16 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අතවර කරන ලදැයි චෝදනා නඟා නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

පැමිණිල්ල විසින් නඟා තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීය.

රජයේ අධිනීතිඥ අනූෂා ද සිල්වා මෙනෙවිය මෙහි පැමිණිල්ල මෙහෙයවූ අතර පත් කළ නීතිඥ එස්. ආබෲ මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා