මුද්‍රණය සඳහා

 
යුතුකම් ඉටුකරන්න එළිවෙනකම් මහ පාරේ ඇවිදලා

යුතුකම් ඉටුකරන්න එළිවෙනකම් මහ පාරේ ඇවිදලා

ඔවුන් දෙදෙනාම ගජ මිතුරන් වී කන්නේ බොන්නෙත් එකටය. නිතර මධුවිතෙන් සප්පායම් වීමටද අමතක කළේ නැත.

දිනක් තැබෑරුමකට ගොස් මධුවිත තොල ගෑ ඔවුන් දෙදෙනාට රාත්‍රිය ද අමතක විය.

අපි මෙහෙම නිදාගෙන උදේ යමු. ඒ එක මිතුරෙක් ගෙනා යෝජනාවකි. අනෙක් මිතුරා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. නෑ අපි ගෙවල්වලට යමු. මම උඹ ගිහිල්ල බස්වන්නම්. කෙසේ හෝ ඊට අනෙක් මිතුරාද කැමති විය.

ඒ අනුව, මිතුරකුගේ නිවෙසට දෙදෙනාම ගොස්; එහෙනම් හරි නේ ... නිදා ගනින් ... ඔන්න මම ගියා කියා අනෙක් මිතුරා හැරෙන විට, ගෙදර ගිය මිතුරා කීවේ උඹට තනියම යන්න දෙන්න බැහැ මම උඹව බස්සලා එන්නම් කියාය.

දැන් නැවතත් දෙදෙනාම අනෙක් මිතුරාගේ නිවෙසට ගොස් උඹ කරපු උදව්වට ඔන්න මගේ යුතුකමත් ඉටු කළා. දැන් ගිහිල්ලා නිදා ගනින්. එහෙනම් මම යනවා. ඒ පළමුව ගෙදර ගිය මිතුරාගේ වදන්ය.

ඒත් දෙචැනි වර ගෙදර ගිය මිතුරා, පළමුව ගෙදර ගිය මිතුරා තනිව යාම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මං එන්නම් උඹව බස්සන්න. දැන් ඔවුන් දෙදෙනාම නැවතත් ඒ ගෙදරට යයි. වෙරි හිඳෙනකල්ම ඔවුන් දෙදෙනා කළේ මාරුවෙන් මාරුවට ගෙවල් දෙකට යාමයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]