|
||
පන්නිපිටිය ක්‍රිස්තුරාජය අපරාජිතව ඉදිරියටමශ්රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ තරග වදින පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල සහභාගී වූ තරග තුනෙන්ම අපරාජිතව ඉදිරියට පැමිණ ඇත. අඹතලේ ටිකිරි කුමාර විදුහල සමග පැවැති තරගයේදී මුල් ඉනිමේ ජයක් හිමිවිය.
ක්‍රිස්තුරාජ විදුහල - සියලු දෙනා දැවී (ඕවර 48.5) – 197 සහන් පෙරේරා 33, දක්ෂිණ හරිස්චන්ද්‍ර 33, දිනුක සජිත් නොදැවි 27 (ටී. නිශ්ශංක 25/5) ටිකිරි කුමාර විදුහල සියලු දෙනා දැවී (ඕවර 40.5) – 152 කේ. සමරසිංහ 68, ආර්. ධනුක 38 (සහන් චතුරංග 46/6, චානක සෙබස්තියන් 54/2) කොට්ටාව ආනන්ද විදුහල සමග පැවැති තරගයේදී ද මුල් ඉනිමේ දිනුමක් හිමි විය. ක්‍රිස්තුරාජ විදුහල - සියලු දෙනා දැවී (ඕවර 47.5) – 223 සහන් පෙරේරා 55, සහන් චතුරංග 26, දක්ෂිණ හරිස්චන්ද්‍ර 26, රහල් වීරතුංග නොදැවී 26 (ඩබ්ලිව්. පෙරේරා 55/4) ආනන්දු විදුහල සියලු දෙනා දැවී (ඕවර 21.1) 72 ජී. නයනප්‍රිය 21 (චානක සෙබස්තියන් 24/6, සහන් පෙරේරා 36/4) සහ ලකුණු 89/3 එස්. චතුරංග 25 (චානක සෙබස්තියන් 39/2) අංගොඩ ශ්‍රී රාහුල විදුහල සමග පැවැති තරගයේදී ඉනිමක ජයක් හිමි කර ගැනීමට ක්‍රිස්තුරාජ විදුහල සමත්විය. ක්‍රිස්තුරාජ විදුහල – කඩුලු 4ක් දැවී (ඕවර 21) – 160 සී. අයිසැක් 38, සහන් චතුරංග 31, චානක සෙබස්තියන් 28 (ජේ. ඩිල්ෂාන් 45/2) ශ්‍රී රාහුල පළමු ඉනිම සියලු දෙනා දැවී (ඕවර 32) – 83 එන්. අර්ෂණ 22, එම්. ඩිටොට් 18 (චානක සෙබස්තියන් 40/4, සී. අයිසෙක් 20/3) දෙවන ඉනිම සියලු දෙනා දැවී (ඕවර 27) – 75 එන්. ඩිල්ෂාන් 32, (සහන් පෙරේරා 6/4, සහන් චතුරංග 35/3) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |