ගොවි ජනතාවගේ දහදිය හා කඳුළු ජාතියේ රුධිරය බඳුයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 ජනවාරි 07 දෙහිඅත්තකන්ඩියේ දී




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මවුබිමට එරෙහි ජාත්‍යන්තර මතයක් ගොඩනැඟීමේ

දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයට
මුහුණ දෙන්න ශ්‍රී ලංකාව සූදානම්

ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරව මතයක් ගොඩනැගීම සඳහා දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරන බවත් එයට සාර්ථකව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති ‘’ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අනාගත අභියෝග ‘’ මැයෙන් වූ දේශනයකට සහභාගි වෙමින්...

විස්තර »

ජෙයරාජ් ජන්ම දින සමරුව අද

කෘතහස්ත දේශපාලනඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 59 වැනි ජන්ම දින සැමරුම අදට (11) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් මීගමුව බෝලවලාන ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී ඊයේ (10) රාත්‍රි පිරිත් සජ්ඣායනයක් පැවැත්වුණු අතර අද (11) මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමීම සිදු කෙරිණි.

විස්තර »

‘ජාතික ආරක්ෂාවට අනාගතයේදී ඇතිවිය හැකි අභියෝගයන්’ මැයෙන් දේශනයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට එක්වූ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් රාජපක්ෂ මහතා පිළිගෙන කැඳවාගෙන යන අයුරු. පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ද වෙයි.
ඡායාරූපය - සුලෝචන ගමගේ

හාමර් ඛේදවාචකයේ විත්තිකරුවන්ට
මරණීය දණ්ඩනය

පර්චස් විස්සක දේපළක් අත්පත් කැර ගැනීමට සිය අසල්වැසියාත් ඔහුගේ තරුණ පුත්‍රයා හා දියණියත් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට හා තවත් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ටී.එම්.පී.බී. වරාවැව මහතා විසින් ඊයේ (10) මරණ දඬුවම නියම කරන ලදී.

විස්තර »

අවනීතියට එරෙහිව මුලින්ම නැඟී සිටියේ ජනපති මහින්ද

අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය අරඹමින් විපක්ෂ නායක කියයි

අවනීතියට එරෙහිව මුලින්ම නැගී සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඒ මහතා එසේ පැවසුවේ පිටකෝට්ටේ ජාතික සේවක....

විස්තර »

ජනපති දැන් අප්‍රිකානු රටවලත්
ජනප්‍රිය නායකයෙක්

ද.අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති ෂෙහාන් රත්නවේල්

ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වූ එල්. ටී. ටී. ඊ. ය සාර්ථක ලෙස පරාජය කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර කීර්තියට පත් වී ඇත. ජනාධිපති රාජපක්‍ෂ මහතා දැන් අප්‍රිකානු රටවල් අතර ද ඉතාම ජනප්‍රිය නායකයෙකි. එම නිසා, දමිළ ජාතික සන්ධානය (ටී. එන්. ඒ.) විසින් පතුරුවන බොරු කතාවලට අප්‍රිකානු රටවල් සවන් නොදෙනු ඇත.”

විස්තර »

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (10) සාකච්ඡාවක් පැවැත්විය. සුසිල් පේ‍්‍රමජයන්ත, මෛත්‍රීපාල සිරිසේන, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනවිරත්න, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරු ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරු ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් සිල්වා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ
පොතක කියවා තිබේ – තවම මතකයේ තියේ
එකම කට්ටිය දෙකට බෙදී අද කරළියේ
කරපු පව් හෝදන්ටමද? කැලණියට ගියේ