මුද්‍රණය සඳහා

 
ජන සංගණනයට නිලධාරිහු 96,000ක්

ජන සංගණනයට නිලධාරිහු 96,000ක්

මුළු දිවයිනම ආවරණය වන පරිදි මාර්තු 20 වැනි දින පැවැත්වීමට නියමිත ජන හා නිවාස සංගණන කටයුතු වෙනුවෙන් නිලධාරීහු 96,000ක් පුහුණු කෙරෙති. එම කටයුතු මේ මස 12 දා ආරම්භ කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සංගණන කටයුතු වෙනුවෙන් අධීක්ෂණ නිලධාරීහු 16000ක් ද ගණන් ගන්නා නිලධාරීහු 80000 ක් ද පුහුණු කෙරෙති. ඒ අනුව අධීක්ෂණ නිලධාරීන් ජනවාරි 12 සිට ජනවාරි 18 දක්වා සතියක කාලයක් ද ගණන් ගන්නා නිලධාරීන් ලෙස කටයුතු කරන ග්‍රාම නිලධාරීන් ජනවාරි 19 සිට පෙබරවාරි 17 දක්වා ද පුහුණු කෙරෙන බව එම දෙපාර්තමේන්තුව කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]