මාතර මහ නගර සභාව එජාප මන්ත්‍රීවරු රැස්වීමෙන් පිටව යති

මාතර මහ නගර සභාව එජාප මන්ත්‍රීවරු රැස්වීමෙන් පිටව යති

මාතර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ සියලු මන්ත්‍රීවරු ඊයේ (10) පැවැති මාසික මහ සභා රැස්වීමෙන් ඉවත්ව ගියහ. විපක්‍ෂ නායකයාගේ පත්වීම සහකාර මැතිවරණ කොමසාරිස් විසින් අත්හිටවූ බවත්,ඒ නිසා ඔහුට එම රැස්වීමට සහභාගි වීමට නොහැකි බවත් නගරාධිපතිවරයා දැන්වීමෙන් පසුව මේ තත්ත්වය උද්ගත වී ඇත.

විපක්‍ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශයක් කරමින් ගැසට් නිවේදනයක් මඟින් තමා නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බැවින් තමාට රැස්වීමට සහභාගි විය හැකි බව ප්‍රකාශ කළේය. එහෙත් නගරාධිපතිවරයා කියා සිටියේ විපක්‍ෂ නායකයාට රැස්වීමට සහභාගි විය නොහැකි බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉවත්ව ගිය පසු සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා