එජාප පුංචි මන්ත්‍රීන්ගෙන් රනිල්ට-සජිත්ට සංදේශයක්

එජාප පුංචි මන්ත්‍රීන්ගෙන් රනිල්ට-සජිත්ට සංදේශයක්

පළිගැනීම් හා විවේචනය කිරීම් අතහැර රනිල් සජිත් එකතුවී පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඉල්ලා සංදේශයක් බාරදීමට එජාප පළාත් පාලන ආයතන නියෝජිතවරු සූදානම් වෙති. එජාප මධ්‍යස්ථ කණ්ඩායම නියෝජනය කරන ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මේ අස්සන් ලබාගැනිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

මාතලේ දිස්ත්‍රික් පළාත්පාලන ආයතන නියෝජිතවරුන්ගේ අත්සන් ලබා ගැනීම රත්තොට එජාප සංවිධායක සංජීව කවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා ක්‍රියාත්මක කැරිණි. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතවරු 47 දෙනා අතරින් 43 දෙනෙකුම ඊට අස්සන් තබා ඇත. මාතලේ සංදේශය නමින් අදාළ අස්සන් අඩංගු ලියවිල්ල පක්ෂ මහලේකම්වරයාටත් එජාප නායක හා නියෝජ්‍ය නායකවරයාටත් ලබා දෙන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පවසයි. දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලද මෙම වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා