ශ්‍රීලනිපයට අනුබද්ධ වෘත්තීය සමිති ශක්තිමත් කිරීමට විශේෂ කමිටුවක්

ශ්‍රීලනිපයට අනුබද්ධ වෘත්තීය සමිති ශක්තිමත් කිරීමට විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති සංවිධාන ප්‍රතිසංවිධානය කර ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් ඊයේ (10) පත් කෙරිණි. මෙම කමිටුව ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ප්‍රතිසංවිධාන කර ශක්තිමත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරුණි. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණ අතර මෙම ප්‍රතිසංවිධාන කටයුතු ඵලදායීව හා ශක්තිමත්ව සිදුකිරීමට මෙම කමිටුවට පැවරිණි.

අද මෙරට වෘත්තීය සමිති සාමාජිකයන් තුළ ආකල්පමය වශයෙන් වෙනසක් සිදුවිය යුතු බවද වෘත්තිකයා තමාට ලැබිය යුතු දේ ගැන මෙන්ම තමාගෙන් රටට ලැබිය යුතු දේ ගැනද සිතිය යුතුª බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සංවිධානය ශක්තිමත් කිරීම සඳහා වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය, මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුවේ යෝජනා, කමිටු සභාපති ගාමිණී ලොකුගේ මහතා මෙහිදී ඉදිරිපත් කළේය. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ඉදිරිපත් කළ අතර, ක්‍රියාත්මක කිරීමට යෝජිත ඵලදායී ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා