|
||
කෑගල්ලේ ගල්ගුහාවක හොර මත්පැන් තිප්පොළක්
* වසර ගණනාවක සිට කළ ජාවාරමක්
කාලයක් තිස්සේ කෑගල්ල පොලිස්වසමේ නිලපලා ගම්මාන ප්‍රදේශයේ කැළෑවක ගල් ගුහාවක මහා පරිමාණයෙන් කර ගෙන ගිය කසිප්පු පෙරීමේ තිප්පොළක් පුද්ගයකු සමග කෑගල්ල පොලිස් කොට්ඨාසයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අල්ලාගෙන ඇත.මෙහි තිබී කසිප්පු බෝතල් 25ක් ද ගෝඩා පෙරීමේ උපකරණ අත් අඩංගුවට ගෙන ඇත. වසර ගණනාවක සිට මේ ගල් ගුහාවේ මහා පරිමාණයෙන් කසිප්පු පෙරීම සිදුකර ඇති බවත් ඒවා තොග පිටින්ම ප්‍රදේශ ගණනාවකටම බෙදා හැර ඇති බවට කර ඇති පරීක්ෂණ වලදී කරුණු හෙළි වී ඇති බව පොලිසිය පවසයි. මෙවැනි මහා පරිමාණයෙන් කසිප්පු පෙරීම හා විකිණීම සිදු කරන පුද්ගලයන් ජංගම දුරකතන ලබා දෙමින් වෙනත් අය ඔත්තු සේවාවට යොදවා ඇති බැවින් වැටලීම සිදු කිරීමේදී පොලිසියට මහත් අසීරුතාවට පත් වූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසී ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |