මුද්‍රණය සඳහා

 
ෆ්‍රෙන්ඩ්ස් පිලට නාමල් රන් කුසලානය

ෆ්‍රෙන්ඩ්ස් පිලට නාමල් රන් කුසලානය

වීරකැටිය ෆ්‍රෙන්ඩ්ස් ස්ටාර් ක්‍රීඩා සමාජය හා තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව සංවිධාන කළ ‘නාමල් රාජපක්ෂ රන් කුසලාන’ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පසුගියදා වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර සූරතාව වීරකැටිය ෆෙ‍්‍රන්ඩ්ස් ස්ටාර් ක්‍රීඩා සමාජයට හිමිවිය. මේ සඳහා කණ්ඩායම් 34ක් එක්ව සිටි අතර අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ වැලිගම ක්‍රීඩා සමාජය සහ වීරකැටිය ෆ්‍රෙන්ඩ්ස් ස්ටාර් ක්‍රීඩා සමාජයයයි.

අවසන් තරගය විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්විණි. වැලිගම ක්‍රීඩා සමාජය ලකුණු 53ක් ලබා ගත් අතර වීරකැටිය ෆ්‍රෙන්ඩ්ස් ස්ටාර් ක්‍රීඩා සමාජය කඩුලු 9 ක් ඇතැතිව ලකුණු 59ක් ලබා ගනිමින් සූරතාව දිනා ගත්තේය. ජය සංකේත ප්‍රදානය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජයග්‍රාහි කණ්ඩායමට කුසලානය සමග රුපියල් 50000ක් ද අනුසූරයන් සඳහා කුසලානය සමග රුපියල් 30000ක් ද පිරිනැමීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]