මුද්‍රණය සඳහා

 
බටහිර අධිරාජ්‍යවාදී උමතුවට එරෙහිව ඉරානය- වෙනිසියුලාව අත්වැල් බැඳගනී

බටහිර අධිරාජ්‍යවාදී උමතුවට එරෙහිව ඉරානය- වෙනිසියුලාව අත්වැල් බැඳගනී

ඉරාන ජනාධිපති මොහමඩ් ආමදීන් ජාඩ් පෙරේදා ලතින් අමෙරිකානු රටවල සංචාරයක් අරඹමින් ප්‍රථමයෙන් වෙනිසියුලාවට ළඟා වූ අතර එහිදී දෙරටේම නායකයෝ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව අත්වැල් බැඳගැනීමට ගිවිස ගත්හ. අහමදිනිජාඩ් වෙනිසියුලා ජනාධිපති හියුගෝචාවේස් මුණගැසෙද්දී එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ඒකකය පවසා ඇත්තේ ඉරානයේ පරමාණු අවි නිෂ්පාදනය පිළිබඳ බටහිර රටවල පවත්නා සැකය තහවුරු වන අයුරින් බෝම්බ ප්‍රහාරයන්ට අසු නොවන කඳුකර භූගත බංකරයක ඉරානය යුරේනියම් බලගැන්වීමේ නව ස්ථානයක් අරඹා ඇති බවය.

චාවේස්, අහමදිනිජාඩ් අතර බැඳීම් මෑත කාලයේ දී ශක්තිමත්ව ඇති අතර සොහොයුරන් ලෙස අනුදත් ඔවුහු ද්විපාර්ශවික ගිවිසුම් ගණනාවකට යොමුවීමට කලින් අමෙරිකානු එදිරිවාදකම් මතින් ඇති බැඳීම තහවුරු කළහ. දෙරටටම එක්ව කටයුතු කිරීමේ අපේක්ෂාවක් පවතින බවත් වෙනත් කිසි කලෙකටත් වඩා දරුණු ලෙස මතුව ඇති අධිරාජ්‍යවාදී උමතුව අඩාල කිරීම බවත්, මිරාෆ්ලෝරස් ජනාධිපති මන්දිරයේ දී අහමදිනිජාඩ් හමුවූ අවස්ථාවේ චාවේස් කියා සිටියේය.

මෙහිදී අහමදිනිජාඩ් ද අධිරාජ්‍යවාදයේ දඩබ්බර හා කෑදර පිළිවෙතට එරෙහිව සටන්කිරීමට ඉරාන ජනතාවද පෙළ ගැසෙන බව කීවේය. ඉරානය මත පැනවෙන සම්බාධක උත්සන්න වූවොත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීීමට පියවර ගන්නා බවට තර්ජනය කරන ඉරානය, එම සමුද්‍රසන්ධි ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් පැවැත්වීම හා ඉරාන සම්භවයක් ඇති අමෙරිකානුවකුව ඔත්තු බැලීමේ වරදට මරණ දඬුවම පමුණුවා තිබීම ද අමෙරිකාවේ උදහසට හේතුවී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]