මුද්‍රණය සඳහා

 
චීනයේ දැඩි පාලනයට විරෝධය පා ටිබෙට් භික්ෂුව සිරුරට ගිනි තබාගෙන

චීනයේ දැඩි පාලනයට විරෝධය පා ටිබෙට් භික්ෂුව සිරුරට ගිනි තබාගෙන

වසරකදී ගිනි තබාගෙන මියගිය භික්ෂූන් සංඛ්‍යාව 15ක්

ටිබෙට් ජාතික භික්ෂුවක් සිය සිරුරට ගිනි තබාගැනීමෙන් චීනයේදී මියගොස් ඇතැයි රාජ්‍ය මාධ්‍ය සඳුදා ප්‍රකාශ කර තිබේ. මේ අනුව විරෝධතා දැක්විමක් වශයෙන් වසරක් තුළ ගිනි තබාගැනීමෙන් මියගිය ටිබෙට් ජාතික භික්ෂූන් සංඛ්‍යාව 15 දක්වා වැඩි වී තිබේ. මෙවර වයඹ දිග චීනයේ ක්වින්ගායිහිදී ඉරිදා අලුයම මියගොස් ඇත්තේ 40 වියැති නයාගෙ සොනම්ඩෲගයන් නැමති භික්ෂුවක් බව ෂින්හුවා නිල පුවත් සේවය පවසයි.

කෙසේ වෙතත් චීන පුවත් සේවාව වාර්තාකර ඇත්තේ මෙම භික්ෂුව සිය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ විවාහක කාන්තාවක් සමඟ තිබූ සබඳතාවක් හෙළිවීම නිසා බවයි. මෙවැනි සිද්ධීන් නිරතුරුව අසන්නට ලැබෙන්නේ චීනය ආගම් ඇදහීමට ඇති ඉඩකඩ අවහිර කිරීම නිසා බව පවසන ඇමෙරිකාව ඒ පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද වැඩිදුරටත් පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]