මුද්‍රණය සඳහා

 
අමෙරිකා-ඉරාන සම්භවයක් ඇති හිටපු අමෙරිකානු නාවිකයාට ඉරානයෙන් මරණ දඬුවම

ඔත්තු බැලීමේ චෝදනාවට

අමෙරිකා-ඉරාන සම්භවයක් ඇති හිටපු අමෙරිකානු නාවිකයාට ඉරානයෙන් මරණ දඬුවම

හිටපු ඇමෙරිකන් නාවිකයෙක් වූ ඇමෙරිකන් – ඉරාන සම්භවයකින් යුත් අමීර් මිර්සායි හෙක්මටි ට ඉරානය මරණ දඬුවම නියම කර ඇත. ඇමෙරිකාව මෙය පෙරේදා හෙළාදැක තිබේ. මොහු සී. අයි. ඒ. සංවිධානය වෙනුවෙන් කටයුතු කළ බවට නගා ඇති චෝදනාව සාවද්‍ය බවද අමෙරිකන් ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් වේ. 28 හැවිරිදි හිටපු නාවිකයාට එරෙහිව නඩු තීන්දුව ලබා දුන් විනිසුරුවරයාගේ තීන්දුවට අනුව ඔහු සතුරු රාජ්‍යයක සහාය ද ඇතිව ඉරානයේ ත්‍රස්තවාදය පැතිරවීමට උත්සාහ දරා ඇතැයි සඳහන්ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]