අපි ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වන්නේ නෑ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 ජනවාරි 24 මොනරාගල දී


නිල්ගල ඔසු උයනේ ‘ගුරුළුරාජා’ පිපිලා

ඌව පළාත් පුෂ්පය වන ‘ගුරුළුරාජා’ මල මේ දිනවල නිල්ගල ඔසු උයනේ විශාල ගස් උඩ දැක ගැනීමට ඇති අයුරු.
ඡායාරූපය - ඌව පළාත් සමූහ මාපා බණ්ඩාර



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ආණ්ඩුවට චෝදනා කරන්න පිරිසක් ජිනීවා යති

ෆී‍්‍ර මීඩියා-ටී. එන්. ඒ. ඒකාබද්ධ කුමන්ත්‍රණයක්

ලබන 27 දා පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකාවත් මෙරට ආණ්ඩුවත් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වන බව මෙරට බුද්ධි අංශ පෙන්වා දෙයි. මේ කුමන්ත්‍රණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ටී. එන්. ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානයේ ද ඒකාබද්ධ සහයෝගීතා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව ද බුද්ධි අංශ තවදුරටත් අනාවරණය කරයි.

විස්තර »

ලේක්හවුසියෙන් මිලියන 500ක් ඉල්ලූ කුමාර් රූපසිංහගේ නඩුව ඉවතට

‘දිනමිණ’ පුවත්පතේ පළ වූ ලිපියකින් සිදු වූ කීර්තිහානියට රුපියල් මිලියන පන්සීයයක වන්දියක් ඉල්ලා සහ ජීවන පදනමේ සභාපති කුමාර් රූපසිංහ මහතා පැවැරූ නඩුව කොළඹ දිසා අධිකරණය ඊයේ (2) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙළේය.

විස්තර »

වෙනම රාජ්‍ය සංකල්පයෙන් බැහැර වී සියලු පක්ෂ එක අරමුණින් ක්‍රියා කළ යුතුයි

නියංගොඩ ශ්‍රී විජිත සිරි අනු නා හිමි

ජාතිවාදී හැඟීම් මෙන්ම වෙනම රාජ්‍ය සංකල්පයෙන් බැහැර වී විවෘත මානසකින් යුක්තව කල්පනා කරමින් රටෙහි ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එකම අරමුණකින් ක්‍රියා කළ යුතුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමිපාණෝ පවසති.

විස්තර »

ඉන්දීය ප්‍රාන්ත එක්ක ගනුදෙනුවක් නෑ සාකච්ඡා මධ්‍යම රජය සමඟ පමණයි

යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේදි ඉන්දීය මධ්‍යම රජය සමඟ මිස ප්‍රාන්ත රජයක් සමඟ සාකච්ඡා කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කරයි.

විස්තර »

හදිසි දුම්රිය වර්ජනය සංවිධානාත්මක වැඩක්

හදිසි දුම්රිය වර්ජනය සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විස්තර »

ජාතික ගැටලුව විසඳීමේ රජයේ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට

ජාතික ගැටලුව විසඳීම සඳහා රජයේ යෝජනා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ඉදිරියේදි ඉදිරිපත් කරන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සමඟ ජනාධ්පතිවරයාද එකඟ වන බව හෙතෙම කීවේය.

විස්තර »

ලොරියක් නිදහස් කරන්න අල්ලස් ගත් තිස්ස පොලිසියේ 2ක් අත්අඩංගුවට

නඩු භාණ්ඩ වශයෙන් තිස්සමහාරාම අධිකරණයේ ඇති ලොරි රථයක් සහ වෙනත් උපකරණ කීපයක් නිදහස් කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ සිවිල් දෙදෙනෙක් ඇතුළු සිවු දෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර »

පන්විලතැන්න ගරාජ බංකරයක සීනි කරිඤ්ඤං කම්හලක්

පෙර වැරදි 22ක් ඇති සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පොළ, පන්විලතැන්න කඩවීදියේ ඇති ගරාජයක් තුළ භූගත බංකරයක කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන යන ලද මහා පරිමාන සීනි කරිඤ්ඤං මි.ලී.ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර »

‘මහනුවර කුඩු අක්කී’ගේ යට ඇඳුම් අස්සේ කුඩු පැකට් 19ක්

ගෝලයන් 4ක් සමඟ අත්අඩංගුවට

මහනුවරට හෙරොයින් ගෙන්වා බෙදා හරින ප්‍රධාන ජාවාරම්කාරිය ලෙස සැලකෙන හැට හැවිරිදි “කුඩු අක්කී” නැමැති කාන්තාව හා ඇගේ ගෝලයන් සිවු දෙනෙකු හෙරොයින් පැකට් 19ක තොගයක් සමඟ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (02) දංගොල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

විස්තර »

යතුරුපැදිය නැවතුවැයි මුදලාලි පොලිස් නිලධාරියාගේ අත සපා කාලා

කසිප්පු තොගයක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට ගැනීමට තැත්කළ වනාතවිල්ලුව පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදී අත සපාකා පලා යෑමට තැත් කර ඇත. මෙය දුටු ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා ඇත. ක්‍රියාත්මක වූ වනාතවිල්ලුව පොලිසිය ඒවා ප්‍රවාහනය කරමින් තිබූ යතුරු පැදියත් සමඟම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

විස්තර »

වරදට සමාව දෙන බව පවසා මංගල යෝජනා පුවත්පත්වල පළකර

කාන්තාවන් 37ක් අමාරුවේ දැමූ ‘ගලිගමුවේ අනංගයා’ රිමාන්ඩ්

සති අන්ත පුවත්පත් මගින් වැන්දඹු කාන්තාවන්ට විවාහ යෝජනා කරමින් ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් ආදි රජයේ ඉහළ තනතුරු දරන කාන්තාවන් 37 කු ඇසුරු කොට ඔවුන් රවටා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ අයෙකු නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් සමන් ජී.කාරියවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙළේ ය.

විස්තර »

ගිරුවාපත්තුවේ මහා මහින්ද

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් සම්පාදිත “ගිරුවාපත්තුවේ මහා මහින්ද” ග්‍රන්ථය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඊයේ (2) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය නිමිතිකොට ගෙන අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා මේ ග්‍රන්ථය සකස් කර තිබේ. ජනාධිපතිතුමා පිළිබඳ විචාර ලිපි එකතුවකින් මේ ග්‍රන්ථය සමන්විත වේ. ඡායාරූපය - සුදත් සිල්වා

සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වය
පැය 24 පුරාම

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග අති සුන්දර සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල හිඳී යනු ඇති බවට ඇතැම් පරිසරවේදීන් කළ ප්‍රකාශ බොරු කරමින් මේ දිය ඇල්ලේ සුන්දරත්වය පැය 24 පුරා අත්විඳීමේ අවස්ථාව ජනතාවට ලබාදීමට ඉහළ කොත්මලේ විදුලි ඉංජිනේරුවරු සමත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
දුම්රිය වර්ජනය නිමවිය හිටපු ගමන්
ගිය හැටි අගෙයි ගරු ඇමතිට සිරස නමන්
උද්ඝෝෂණ කරති සමහරු නොමඟ යොමන්
හොඳනම් හොඳයි ඔය විදිහට ඔහොම යමන්