මුද්‍රණය සඳහා

 
දැයට කිරුළ නැරඹීමට එන්න මාර්ග 3ක්

දැයට කිරුළ නැරඹීමට එන්න මාර්ග 3ක්

අනුරාධපුර ඔයා මඩුවේදී මෙවර පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා ප්‍රධාන මාර්ග තුනක් (3) ඔස්සේ පිවිසිය හැක.

පුත්තලම අනුරාධපුරය මාර්ගයේ පැමිණෙන්නන්හට නොච්චියාගම ඔයාමඩුව මාර්ගයේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පැමිණිය හැකි අතර එම මාර්ගයේ ධාවනය කෙරෙන රථ වාහන තුන්දහසක් (3000) පමණ ගාල් කර හැකි රථ ගාලක් ඉදි කර ඇත.

එසේම අනුරාධපුර විලච්චිය මාර්ගයේ ඔයාමඩුවට පිවිසිය හැකි අතර පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා රථ වාහන පන්දහසක් (5000) පමණ නැවැත්විය හැකි පරිදි රථ ගාලක් ද ස්ථාපිත කර තිබේ.

තන්තිරිමලයේ සිට පැමිණෙන ජනතාව හට තන්තිරිමලය විලච්චිය මාර්ගයේ ඔයාමඩුව දක්වාත් ගමන් කිරීමට පුළුවන. එම මාර්ගයේ පැමිණෙන රථ වාහන තුන්දහසක් (3000) පමණ ගාල් කර හැකි රථ ගාලක් ද දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදි කර ඇත.

බස් රථ වලින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන මගීන් හට ඔයාමඩුව ප්‍රදර්ශන භූමිය ආසන්නයේ විශේෂ බස් නැවතුම් පළක් ඉදි කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]