අධිවේගී මෙඟ් කැඩුණු වාහන ඉවත් කරන්න ලක්‍ෂ 20ක් වැය කරලා

අධිවේගී මෙඟ් කැඩුණු වාහන ඉවත් කරන්න ලක්‍ෂ 20ක් වැය කරලා

ආපදාවන්ට ලක්වූ රථවාහන අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඉකුත් මාස දෙක තුළ පමණක් නොයෙක් රථ වාහන එක්දහස් නවසීයක් පමණ ආපදාවන්ට ලක්වූ බවත් ඒවා පිවිසුම් මාර්ග වලින් ඉවතට ගැනීමට නඩත්තු අංශයට සිදු වූ බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බී. ඩී. කේ. බණ්ඩාර මහතා “දිනමිණ” ට ඊයේ (02) පැවසීය.

ආපදාවන්ට ලක්වන එක් වාහනයක් මෙලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට රුපියල් දහසේ සිට එක් දහස් පන්සීය දක්වා මුදලක් වැය කිරීමට නඩත්තු අංශයට සිදු වන බව බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන එන ලෙස තමන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව මෙහෙයුම් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා