මුද්‍රණය සඳහා

 
හදිසි දුම්රිය වර්ජනය සංවිධානාත්මක වැඩක්

හදිසි දුම්රිය වර්ජනය සංවිධානාත්මක වැඩක්

හදිසි දුම්රිය වර්ජනය සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දුම්රිය සේවකයන් පිරිසක් පෙරේදා (01) සවස ක්‍රියාත්මක කළ හදිසි වර්ජනය හේතුªවෙන් මගීන් දසදහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූහ.

විශේෂයෙන්ම කොළඹ නගරයට පැමිණ රැකියාවල නිරතව නැවත නිවෙස් බලා යන මගීන් මේ දුම්රිය වර්ජනය හේතුවෙන් මහත් සේ පීඩාවට පත් වූ බව මගීන් ප්‍රකාශ කළහ. හදිසි දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බැවින් එම කඩාකප්පල්කාරී පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඇමැතිවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]