ජාතික ගැටලුව විසඳීමේ රජයේ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට

ජාතික ගැටලුව විසඳීමේ රජයේ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට

ජාතික ගැටලුව විසඳීම සඳහා රජයේ යෝජනා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ඉදිරියේදි ඉදිරිපත් කරන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සමඟ ජනාධ්පතිවරයාද එකඟ වන බව හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (2) පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය. මේ ගැටලුව සම්බන්ධයෙන් ඕනෑම අයකුට ඕනෑම මතයක් දැරිය හැකි බව පවසන ඒ මහතා එය රජයේ හෝ පක්ෂයේ පොදු මතය නොවන බව සඳහන් කෙළේය.

13 වැනි සංශෝධනයේ ඇති ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරිමේදි යම් යම් ප්‍රායෝගික ගැටලු පැන නඟින බවත්, ඒ සියල්ලට ඇති එකම විසදුම තේරිම් කාරක සභාවෙන් ලබාදෙන විසදුම බවත් යාපා මහතා පැවැසීය.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ජිනීවාහි මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරනවාදැයි මාධ්‍යවේදියකු නැ¼ගු ප්‍රශ්නයට පිළිතුරුදුන් ඇමැතිවරයා කියා සිටියේ එය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න ගැන තවම සාකච්ඡාකර නොමැතිබවය. ශ්‍රී ලංකාව ස්වෛරීය රටක් බවත්, අපේ රටට ගැලපෙන අයුරින් කටයුතු කරන බවත් ඒ මහතා කීවේය.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඉදිරිපත් කළ වාර්තාව පොදු වාර්තාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පැවසු ඇමැතිවරයා ඒ පිළිබද වාද විවාද කර අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා කළ හැකි බවද පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා