ඉන්දීය ප්‍රාන්ත එක්ක ගනුදෙනුවක් නෑ සාකච්ඡා මධ්‍යම රජය සමඟ පමණයි

ඉන්දීය ප්‍රාන්ත එක්ක ගනුදෙනුවක් නෑ සාකච්ඡා මධ්‍යම රජය සමඟ පමණයි

යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේදි ඉන්දීය මධ්‍යම රජය සමඟ මිස ප්‍රාන්ත රජයක් සමඟ සාකච්ඡා කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කරයි.

තමිල්නාඩුව ගන්නා තීරණ ඉන්දීය මධ්‍යම රජයේ තීරණ නොවන බවත් පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ඉන්දියාව මෙරට අසල්වැසිම රාජ්‍යය වන බව පවසන ඒ මහතා දිගු කාලීන මිත්‍රත්වයක් හා ද්විපාර්ශ්වීය සම්බන්ධතා තිබෙන බව කීවේය.

යම් ප්‍රශ්නයක් පැන නැඟී ඇත්නම් ඊට අවශ්‍ය පියවරයන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර ගනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

අමෙරිකාව ඇතුළු ලෝකයේ සෑම රටක් සමඟම සුහදව හා සහයෝගයෙන් කටයුතු කිරිමේ විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව සතු බවද යාපා මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා